April 23, 2024

ජනතාව මුලා නොකර විල්පත්තුව වවන්න කෝටි 50ක් ගෙවන්න - වනජීවි ඇමැති රිෂාඩ්ට කියයි Featured

November 24, 2020

රිෂාඞ් බදුර්දීන් හිටපු අමාත්‍යවරයා කියපු කරපු දේවල් ඉදිරියේදී තවත් හෙළිවීමට නියමිතව ඇති බවත්, ඒ නිසා අධිකරණය හෑල්ලූවට ලක්කොට ජනතාව මුළා නොකොට විල්පත්තුවේ නැවත වන වගා කිරීමට රුපියල් කෝටි 50 ක මුදල ගෙවන ලෙස ඉල්ලා සිටින බවත් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක මහතා පැවසීය.

රුපියල් ලක්ෂ 80ක මුදලක් වැය කොට කොත්මලේ, පූඩළුඔය ඉදිකරන ලද සතිපොළ භූමිය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ කීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

"විල්පත්තුවේ නැවත පදිංචිකිරීම් සිදුකිරීමේදී එවකට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නීති රෙගුලාසිවලට අනුවයි කටයුතු කළේ. උතුරු වසන්තය, නැගෙනහිර වසන්තය වැනි සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරමින් හා මගනැගුම, දිවිනැගුම වැනි කටයුතු සිදු කරමින් තමයි ඒවා සංවර්ධන කළේ. රිෂාඞ් බදුර්දීන්ලා පසුගිය වසර පහේ මොනවද කරලා තියෙන්නේ? අද බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා මන්නාරමට යනවා. මිලියන 800ක් වැය කරලා එහි විශාල ගොඩනැගිල්ලක් හදලා තියෙනවා. ඒක මොනවට හැදුවද ඒකෙන් මොනවද කරන්නේ හිතාගෙන හිටියද කියලා ළගදීම මාධ්‍යයට හෙළි වේවී. ඊළගට මිලියන 2000 ක මුදලක් නැවත පදිංචි කරපු අයට උපකාර කරන්න වැය කොට තිබෙනවා. පසුගිය ආණ්ඩුවෙන් නැවත පදිංචි කිරීමට මොනවද කරලා තිබුණේ ? ඒවාට ඉදිරියේදී උත්තර කියන්න සිදු වේවී."

Rate this item
(0 votes)