April 24, 2024

අවුරුදු 42කින් ඉහළ අධිකරණවල විනිසුරුවන් වැඩි කර නැහැ - නඩු ගොඩ ගැහිලා

November 23, 2020

වසර 42කින් ශ්‍රේෂ්ඨාධිකරණයේ  සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ සංඛ්‍යාව වසර 42කින් වැඩිකොට නොමැති බවට අනාවරණයක් අධිකරණ අමාත්‍ය ජනධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේදී කරන ලදී.

මුලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් මාස දෙකෙන් අවසන් කල යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව තිබුනත් අද එවන් නඩුවක් අවසන් වීමට වසර 10ක් පමණ කල් ගත වන්නේ විනිසුරුවන්ගේ මදි පාඩුව නිසා බවද අධිකරණ අමාත්‍යවරයා එහිදී පෙන්වා දෙන ලදී.

මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 5000කුත් අභියාචනාධිකරණයේ නඩු 4000කුත් සිර වී තිබෙන බවද පෙන්වා දෙන සබ්‍රි මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන්ගේ සංඛ්‍යාව 11 සිට 17 දක්වාත් අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ සංඛ්‍යාව 12 සිට 20 දක්වා වැඩි කිරීමටත් කටයුතු කරන බව සඳහන් කරන ලදී.

කිසිදු දේශපාලන අත පෙවිමකින් තොරව මෙම පත්වීම් ලබා දෙන බැවින් අභියාචනාධිකරණයේ සිටින ජේෂ්ඨයින් ඒ සඳහා පත් කරන බවද සබ්‍රි මහතා පෙන්වා දෙයි.

ජනපතිවරයාට, අගමතිවරයාට නාමල් රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව යහපාලන ආණ්ඩු සමයේ බොරුවට නඩු පැවරූ බවත් තමා එවන් නඩු 35කට පෙනී සිටි බවද අධිකරණ ඇමතිවරයා සඳහන් කරන ලදී.

යහපාලන සමයේ පැවරූ නඩු වලින් චුදිතයන් නිදහස් වන බවට පිරිසක් චෝදනා කරණ බවට පෙන්වා දෙන සබ්‍රි මහතා සාක්ෂි නැත්තම් කරුණු නැත්තම් හේතු නැත්තම් චුදිතයන් නිදහස් වීම සාමාන්‍ය දෙයක් බවද සඳහන් කරයි.

මෙම තීන්දු ලබා දෙන බහුතරයක් විනිසුරුවන් යහපාලන ආණ්ඩුවේ පත් කල අය බවද පෙන්වා දෙන ලදී. 

Rate this item
(0 votes)