April 20, 2024

මහජන ධනය අරපිරිමැස්සෙන් පාවිච්චි කිරීමේ ආදර්ශය ජනපතිගෙන් අපට ලැබී තිබෙනවා

November 23, 2020

මහජන ධනය අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීමේ ආදර්ශය ජනාධිපතිවරයාගෙන් තමන්ටත් ලැබී තිබෙන බව විමල් විරවංශ අමාත්‍යවරයා අයවැය විවාදයට එක්වෙමින් සඳහන් කරන ලදී.

තමන්ට ලැබෙන බලය ධනය ඒකරාශී කිරීමේ මාවතක් බවට පත්කර නොගැනීමේ ආදර්ශය ද ජනාධිපතිවරයාගෙන් තමන්ට ලැබී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ජනධිපතිවරයා රාජකාරීමය කාරණාවලට හැර වෙනත් කිසිම කටයුත්තකට බලය හෝ මහජන ධනය පාවිච්චි නොකරන බවද ඇමතිවරයා සඳහන් කරයි.

ඒ ආදර්ශය රටකට ලැබිය යුත්තේ රාජ්‍ය නායකත්වයෙන් වන අතර එය වත්මන් ජනපතිවරයා නිසි ආකාරයෙන් ඉටු කරන බවද විරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)