April 19, 2024

2017දී මුස්ලිම් පල්ලිවලට ගහන්න කරුණා අම්මාන් කෝටි 15ක් ඉල්ලුවා - නාමල් කුමාර (VIDEO)

November 23, 2020

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය තමන්ට බාර දුන්නේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර විසින් බව දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර සඳහන් කරයි.

මෙම සිදුවීම පසුපස රනිල් වික්‍රමසිංහ සහ සරත් ෆොන්සේකා යන මහත්වරුන් සිටි බව ඔවුන් පැහැදිලි ව තමන්ට පැවසූ බවද ඔහු පවසයි.

ඉස්ලාම් පල්ලිවලට ප්‍රහාරයක් එල්ල කරන්නැයි කරුණා අම්මාන්ට කොන්ත්‍රාත්තුවක් දී ඇති බවද ඔහු එහිදී හෙලි කළේය.

CIDය තුල තමන් හා මදුෂ් එකට ගංජා ගසා ඇති බවත් එම ගංජා සියල්ල ලැබුනේ CID එකෙන් බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

Rate this item
(0 votes)