April 19, 2024

ව්‍යවස්ථාදායක සභාව ස්වාධීන නෑ - රනිල්ට හා සම්බන්ධන්ට ඕනේ විදියටයි වැඩ කළේ

November 23, 2020

ව්‍යවස්ථා මණ්ඩලය ස්වාධීනව කටයුතු නොකළ බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කරන ලදී.

අවශ්‍ය නම් තමාට ඒ සම්බන්ධයෙන් උදාහරණ රැසක් මේ සංහාවට ඉදිරිපත් කිරීමට හැකි බවද මන්ත්‍රීවරයා සදහන් කරන ලදී.

ව්‍යවස්ථාදායක සභාව කිසි දිනක ස්වාධීනව කටයුතු නොකල අතර එහි සෑම කටයුත්තක්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා එවකට හිටපු විපක්ෂ නායක සම්බන්ධන් මහතා කතා කරගෙන කල බවද සඳහන් කරන මන්ත්‍රීවරයා එම සභාවට පත් කල සිවිල් පුරවැසියන් තිදෙනාගෙන් බහුතරය හිටපු අග්‍රාමාත්‍යවරයාට අවශ්‍ය ආකාරයට කටයුතු කල බවද පෙන්වා දෙන ලදී. 

තමා හිටපු ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස ව්‍යවස්ථාදායක සභාවට සහභාගී වූ බවත් එහිදී ජනාධිපතිවරයා විසින් එවන නම් එම සභාව හිතාමතාම ප්‍රතික්ෂේප කල බවද පෙන්වා දෙන මන්ත්‍රීවරයා සිවිල් පුරවැසි නියෝජිතයන්ගේ සහයෝගය ද ලබා ගෙන එම සභාව ප්‍රජාත්‍රන්තවාදී බව පෙන්වීමට හිටපු අග්‍රාමාත්‍යවරයා ක්‍රියා කල බවද සඳහන් කරයි.

එහෙත් ඒ සිවිල් නියෝජිතයින් කටයුතු කලෙත් රනිල් වික්‍රමසිංහ මහතාගේ අවශ්‍යතාවයට අනුව බව සමරසිංහ මහතා පෙන්වා දෙයි.

Rate this item
(0 votes)

Related items