March 29, 2024

කොවිඩ් මරණ ආදාහනය කරන්න - විශේෂඥ කමිටුව දැනුම් දෙයි Featured

November 23, 2020

කොවිඩ්-19 වයිරසය ආසාදනය වී‍ම හේතුවෙන් සිදුවන මරණ බැහැර කිරී‍මේ ක්‍රම අධ්‍යනය කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව අවසන් වාර්තාවක් ඉදිරිපත් කර තෙක් ආදාහනය කිරීම දිගටම කරගෙන යන ලෙස එම කමිටුව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා ඇත.
 
එම ඉල්ලීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනුම් දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඊයේ (22) පැවසීය.
 
මින් පෙර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ කොවිඩ්-19 වයිරසය ආසාදනය වී‍ම හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන් භූමදානය කිරීම සම්බන්ධයෙන් විශේෂඥ කමිටුව සිය අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුව තීරණයක් ගන්නා බවය.

කෙසේ වෙතත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය සඳහන් කළේ කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයකුගේ මෘත දේහයක දින 27කට පසුවත් එම වෛරසය තිබුණු බවට ඔ්ස්ට්‍රෙලියාවේ පර්යේෂක කණ්ඩායමක් විසින් සොයාගෙන ඇති බවයි.

ඒ අනුව කොවිඩ්-19 වෛරසය මළ සිරුරක හෝ මතුපිටක වුවද දීර්ඝ කාලයක් වෛරසය පැවතිය හැකි බව ඇය සදහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 23 November 2020 13:11