March 29, 2024

ධීවර රාජ්‍ය අමාත්‍යවරයා වැල්ලමන්කර වරාය ඉදිකිරීම නිරීක්ෂණය කරයි

November 23, 2020

අප්‍රේල් මස වැඩ නිම වීමට නියමිත පුත්තලම දිස්ත්‍රික්කයේ වැල්ලමන්කර ධිවර වරායේ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීම සහ එම ප්‍රදේශයේ ධීවර ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව සොයා බැලීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු, සනත් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා ඇතුළු දේශපාලන අධිකාරියේ නියෝජිතයන්, ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් සහ ධීවර වරාය සංවර්ධන කමිටුවේ නියෝජිතයන් සමඟ රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා සහභාගි වන ලදී.

වැල්ලමන්කර ධීවර වරායේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයෙන් පසු අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු, සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතාගේ සහභාගිත්වයෙන් ධීවර වරාය සංවර්ධන කමිටුව සහ අනෙකුත් ධීවර සංවිධාන සමඟ පැවැති හමුවකට සහභාගි වූ අමාත්‍ය කාංචන විජේසේකර මහතා, ධීවර වරාය යාබදව සුළු ධීවර කර්මාන්තයේ යෙදෙන ජනතාවට අවශ්‍ය පහසුකම් සංවර්ධනය කිරිමට එම පරිශ්‍රය නිරීක්ෂණය කිරීමට ද එක්විය.

Rate this item
(0 votes)