April 24, 2024

රෝහලෙන් පැන යෑමට තැත්කළ ආසාදිතයෙක් අල්ලයි

November 23, 2020

අයි.ඩි.එච්.රෝහලින් පළායාමට තැත්කළ ආසාදිතයෙක් අල්ලාගෙන ඇති අතර ආසාදිත එම පුද්ගලයා මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි අයෙක් බව පැවසෙයි.

රෝහල් ආරක්ෂක අංශ වලින් පැනයාමට තැත්කළ පුද්ගලයා සිය භාරයට ගෙන තිබේ.

ඊයේ (22) දිනයේ එම පුද්ගලයා පැනයාමට උත්සහ දරා ඇති අතර දෙමටගොඩ ප්‍රදේශයේ 22 හැවිරිදි අයෙක් බව පැවසෙයි.

එම කොවිඩ් ආසාදිතයා ආරක්ෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකිරීමට කටයුතු කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

Rate this item
(0 votes)