April 20, 2024

හලාවත රෝහ‌ලේදී මියගියේ කොවිඩ් ආසාදිතයෙක් නෙවෙයි

November 23, 2020

හලාවත මහා රෝහලේ සැක සහිත කොරෝනා රෝගීන් සඳහා වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති අය කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට තහවුරු වී ඇති බව හලාවත නාගරික හදිසි මරණ පරීක්ෂක වසන්ත කුමාර ගීකියනගේ සඳහන් කරයි.

මිය ගොස් ඇත්තේ ආරච්චිකට්ටුව – ලස්සන වත්ත පදිංචිව සිටි වර්ණකුලසූරිය එම්මානුවෙල් ප්‍රනාන්දු නමැති 54 හැවිරිදි පුද්ගලයෙකි.

පශ්චාත් මරණ පරීක්ෂණය පසුගිය 21 වැනිදා හලාවත මහා රෝහලේදී පවත්වන ලදී.

මරණයට හේතුව නියුමෝනියා තත්ත්වය උත්සන්න වීමක් බව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ හලාවත මහා රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීනී ආර්.කේ.ටී.වී. ද සිල්වා මහත්මිය විසින් නිගමනය කර ඇත.

Rate this item
(0 votes)