January 25, 2021

සමගි ජන බලවේගයෙන් පන්නපු 9යෙන් 5ක් අයවැයට පක්ෂව ඡන්දය දෙයි - ඒ අතර රිෂාඩ්ගේ තුනක්

November 23, 2020

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුවත් සමග ඡන්දය දුන් සමගි ජන ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 9දෙනාගෙන් 5දෙනකු අයවැයට පක්ෂව ඡන්දය ලබා දී තිබේ.

සමගි ජන බලවේගය ජාතික ලයිස්තු මන්ත්‍රී ඩයනා ගමගේ හා එහි සන්ධානගත පක්ෂ වන දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ අරවින්ද් කුමාර් සහ රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ඒ.ඒ.එස්.එම්.රහීම්,එම්.මුෂාරෆ් හා ඉෂාක් රහුමාන් යන මන්ත්‍රීවරුන් ඒ අතර වේ. 

අයවැය දෙවන වර කියවීම ට පක්ෂ පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 52 කි.

Rate this item
(0 votes)
Last modified on Monday, 23 November 2020 11:00