April 18, 2024

මෝඩයා කවුද : 5000න් මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියූ විමල් ද? එහෙම බැහැයි කියපු මම ද? (VIDEO)

November 23, 2020

විමල් වීරවංශ තමාට පාර්ලිමේන්තුවේදී මෝඩයා කියපු එක ගැන සතුටක් තිබෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කරයි.

මෝඩයා, 4 දෙනෙක් සිටින පවුලකට රුපියල් 5000කින් මාසයක් ජීවත් වෙන්න පුළුවන් කිවූ විමල් වීරවංශද එසේ බැහැයි කියපු තමන් ද යන වග කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව තේරුම් ගන්නා බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

හුදකලා කර තිබෙන කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව ඔවුන් අත්විඳින බඩගින්න පිළිබඳව තමාට දැනුම් දුන් බවත් තමා ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ දී කතා කළ බවද පෙන්වා දෙන ගනේෂන් මහතා විමල් වීරවංශ මහතා ද ඡන්ද ලක්ෂ ගණනක් ලබාගෙන පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව ද පෙන්වා දෙන ලදී.

තමා කොළඹ නගර සභාව නියෝජනය කරන කාලයේ එම ස්ථානයට පුස්සයිකලෙන් පැමිණි විමල් වීරවංශ මහතා අද වන විට පක්ෂයද, ප්‍රතිපත්තිද පාවා දී තිබෙන බවද සඳහන් කරයි.

විමල් විරවංශ කොණ්ඩේ ජෙල් ගා පිරුවාට ඊට යටින් තියෙන මොලේ හිස් බවද ගනේෂන් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

මනෝ ගනේෂන් මහතා මේ අදහස් පළ කළේ පාර්ලිමේන්තුවේදී සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Monday, 23 November 2020 11:27