April 19, 2024

අපවත් වී වදාළ නාහිමියන්ට 14 වැනි දලයිලාමා තුමා ශෝකය පළ කරයි

November 23, 2020

අපවත් වී වදාළ රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන් වෙනුවෙන් 14 වැනි දලයිලාමා තුමා විශේෂ ශෝක පණිවිඩයක් අවමංගල්‍ය උත්සවය වෙත එවා තිබේ.

2015 වර්ෂයේ දී ඉන්දියාවේ නව දිල්ලි අගනුවර දී අපවත් වී වදාළ නායක හිමියන් ඇතුළු මෙරට අන් නිකායන් වල නායක හිමියන් හමු වූ අවස්ථාව ශෝක පණිවිඩයෙන් සිහි කර තිබූ අතර එහි දී අපවත් වී වදාළ නායක හිමියන් හා තමන් වහන්සේ අතර සිදු වූ කතා බහ පිළිබඳවද මතක් කර තිබුණි.

එම කතාබහේ දී අපවත් වී අදාළ නායක හිමියන් ජනතාව සතුටින් ජීවත් වීමේ ඇති වැදගත්කම පෙන්වා දුන් ආකාරය ද ශෝක පණිවිඩයේ සඳහන් කොට තිබේ.

14 වැනි දලයිලාමා තුමා එවූ ශෝක පණිවිඩය පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් අවමංගල්‍ය සභාවට ඉදිරිපත් කරන ලදී.

චීනය විසින් 14 වැනි දලයිලාමා තුමාගේ නිජ භූමිය වන තිබ්බතය ග්‍රහණයට ලක් කොට තිබෙන නිසා උන්වහන්සේ වැඩ සිටින්නේ ඉන්දියාවේ ධර්මශාලා ප්‍රදේශයේය.

Rate this item
(0 votes)
Last modified on Monday, 23 November 2020 10:58