January 25, 2021

අයවැය තුන්වන වර කියවීමේ විවාදයේ පළමු දිනය අද - LIVE UPDATE

November 23, 2020

අයවැය තුන්වනවර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය අද(23) සිට ආරම්භ වෙයි.

එහි පළමු විවාදය මේවන විට කතානායකවරයාගේ පැමිණීමෙන් පසු ආරම්භ විය.

LIVE UPDATE...

9.30 A.M කතානායකවරයාගේ පැමිණීමෙන් පසු අයවැය තුන්වනවර කියවීමේ විවාදය ආරම්භ විය.

9.32 A.M කතානායකවරයාගේ නිවේදන ඉදිරිපත් කළේය.

9.50 A.M “ලොක්ඩවුන් කරලා තියෙන ප්‍ර දේශවලට තවත් 5000ක් දෙන්න කියලා ඉල්ලීමක් කරනවා“ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

10.11 A.M “මං මතක් කරලා දෙන්න කැමැතියි ව්‍යවස්ථා මණ්ඩලය ක්‍රියාත්මක වූ ආකාරය ගැන මට කියනන් පුළුවන්. කවදාවත් ස්වාධිනව තීරණ ගත්තේ නෑ. ඒ සංයුතිය දිහා බැලුවම එය ස්වාධීන වෙන්න බෑ. පවතින ආණ්ඩුවට තමා අවසානයේදී බහුතරය හිමිවෙන්නේ.“ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.

10.30 A.M පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විවාදයට එක්වෙමින් සඳහන් කළේ “අද ගූගල් බැලුම තිබුණනම්. මං කියනවා කෙලින්ම එය කඩාකප්පල් කලේ එවකට හිටපු ජනාධිපතිතුමා. ඒ ව්‍යාපෘතියට ආණ්ඩුවෙන් සත පහක් ගෙව්වේ නෑ කතානායකතුමනි“

11.01 A.M “ජනාධිපතිතුමා සුබ ප්‍රාර්ථනා කරනවා ඩිජිටල් අමාත්‍යාංශය ගත්ත එක ගැන. පාර්ලිමේන්තුව තුළ කම්පියුටරය තුලට ලොග් වෙලා තියෙන්නේ කීයද කියලා බලන්න “ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

11.02 A.M “හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා කතාව ඇහුවම මට පේන්නේ මම ෆේල් වුණා මේ හින්දා ඔබතුමා කියන්නේ ඔබ තුමා ෆේල් වුණා හිටපු ජනාධිපතිතුමා හන්දා අනික අකිල විරාජ් කාරියවසම් නිසා. අධ්‍යාපන ඇමතිතුමා ටැබ් ගෙනත් හොරකම් කලා කියලා මං අගය කරනවා ඔබතුමා ඒ ආණ්ඩුවේ ඉඳගෙන ඒක කිව්වනම්“ යැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා විවාදයට එක්වෙමින් පැවසී ය.

11.40 A.M “සමහරු හිතන් හිටියනේ වියත් මගේ හාදයො වැඩ කාරයෝ කියලා වියත් මගේ හාදයො වැඩ කාරයෝ නෙමෙයි කියලා දැන් රටේඅය පිලිඅරගෙන තියෙනවා. එස්.බී දිසානායක මහත්තයගේ දේශපාලන මැජික් එක නිසා තමා අපි තවමත් ඔලුව උස්ගන්න බැරිව ඉන්නේ“ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසී ය.

11.47 A.M“දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා ගැනත් අපේ අයගේ විශේෂ ඉල්ලීමක් තියෙනවා. ඒක ගැනත් විශේෂ අවධානය යොමු කරන්න කියලා මම කියන්න කැමැතියි“ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසනායක මහතා පැවසීය.

11.55 A.M පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විවාදයට එක්වෙමින් සඳහන් කළේ “ආයතන 32ක් මේ පාර්ලිමේන්තුවට වගකියන්නේ නැති කෙනෙක් යටතේ තියෙනවා. ඒ ජනාධිපතිවරයා යටතේ. එනිසා මේ පිළිබඳ විවාද කරන්නේ කොහොමද“  

12.18 P.M “රාජිත් සේනාරත්න ඇමැතිතුමා අගමැතිතුමයි හොරෙන් හොරෙන් සාකච්ඡා කරලා තමයි මිනිස්සුන්ව චූදිතයො කලේ. නිල වශයෙන් කොමිටියේ හිටියේ නෑ රාජිත සේනාරත්න ඇමැතිතුමා. ඇද බබ්බු වගේ කතා කරනවා“ යැයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.

12.26 P.M “අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා දිගින් දිගටම ගිය ආණ්ඩුව ගැන කතා කල එතුමාට අමතක වෙලා එතුමා ගිය ආණ්ඩුවේ ඇමැතිවරයෙක්.ඇමැතිතුමා කලබල වෙන්න එපා. ඔබතුමා කිව්ව කාරණා වලට ඔබතුමාත් වගකියන්න ඕන“ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා සඳහන් කළේය.

12.30 P.M පස්වරු 1.00 දක්වා දිවා ආහාරය සඳහා සභාව කල් තැබිණි.

01.00 P.M දිවා ආහාර විවේකයෙන් පසු යළිත් විවාදය ආරම්භ වෙයි.

01.17 P.M “who අනුමත කරපු ඇන්ටිජන් පරීක්ෂණය ගේනකොට ඒකට කෑගහනවා. who අනුමත නොකරපු එන්නතක් ගේන්නේ නැත්තේ ඇයි කියලා උඩ පැන පැන අහනවා. “ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

01.31 P.M පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිමලනාදන් මහතා සභාව ඇමතීම ආරම්භ කළේය.

01.55 P.M පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් සභාව ඇමතීම ආරම්භ කළේය.

02.06 P.M පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක තිස්සකුට්ටිආරච්චි මහතා සඳහන් කළේ “අද බැංකුවේ අයෝජනය කරනවා වෙනුවට ව්‍යාපාර සඳහා මුදල් ආයෝජනය කරන වැඩපිළිවෙල ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ක්‍රියාත්මක කරලා තියෙනවා“

02.16 P.M පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විවාදයට එක්වෙමින් පැවසූවේ “අවුරුද්දක් යන්න පෙර එතුමා පොරොන්දු වුණා. මහ බැංකු හොරු ටික දැකගන්න අපිටත් ඕන. මහ බැංකු හොරුයි කියන මේකට චෝදනා තියෙන අය අධිකරණය ඉදිරියට අරගෙන ඇවිත් වැරදිකරුවෝ වෙනවා දකින්න අපිටත් අවශ්‍යයි. කෝ අවුරුද්දක් ගිහිල්ලා ගෝඨාභය මහත්තයා මහ බැංකුවේ හොරු අල්ලනවද ඒ ගැන හොයලා බලනවද“

02.44 P.M “මෙතන ඉන්න මන්ත්‍රීවරු වාසනාවන්තයි පසුපෙල මන්ත්‍රීවරුන්ට ඇමැතිකමක් තිබුණේ නැත්තේ ඇමැතිකම් තිබ්බ සේරම දෙනා ජනතාව ගෙදර යැව්වා. මුදල් ඇමැතිවරු දෙන්නෙක් ගෙදර යැව්වා. යාන්තම් බේරිල ඉන්නවා.“ රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කළේය.

02.47 P.M පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කළේ “20න් බලයට ආවට පස්සේ රටට සෙතක් නෑ. 69 ලක්ෂයට සුගතියක් නෑ. සුගතියක් වෙන්නේ වැඩක් වෙන්නේ මේ 20න් බලය අරන් තියෙන්නේ තමන්ගේ වැරදි වසා ගන්න හොරුන් රකින්න හොරුන්ට නිදහස දෙන්න වැඩපිළිවෙල හදලා තියෙනවා. ස්වාධීන අධිකරණ කොමිෂන් සභාව ගැන ගැටලුවක් තියෙනවා.“ 

03.07 P.M “මේ රටේ නීතිය අනුව අපි ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කරනවා. ඒක වෙනස් කරනවා මිසක් තියෙන නීතිය යටින් ගිහිල්ලා අපේ පෞද්ගලික අභිමතාර්ථ ඉෂ්ට කරගන්න අපි කටයුතු කරලත් නෑ. කරන්නෙත් නෑ. ඔබතුමා කිව්වොත් කවදද කතා කළේ කොතනද කතා කළේ කියලා මං මේ දැන් අස්වෙනවා මන්ත්‍රීධූරයෙන් විතරක් නෙමේ ඇමති ධූරයෙනුත් අස්වෙලා ගෙදර යනවා.“ අමාත්‍ය අලි සබ්රි මහතා ආවේගශීලිව කතා කළේය.

03.77 P.M “කොවිඩ් වසංගතයත් එක්ක අසරණ වුණ ජනතාවට පොරොන්දු වුණ බඩු මල්ල ලබා දීමට මුදල් වෙන් කරලා නෑ.“ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කළේය.

03.29 P.M රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසූවේ “ මේ අපේ ආණ්ඩුව විවේචන කරන්නේ වෙන මුකුත් නිසා නෙවෙයි. මේ ඔවුන්ගේ ආණ්ඩුව කාලේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කරගන්න බැරුව ඔවුන්ගේ පුද්ගලික අවශ්‍යතා ඉටු කරගත්තා.“

03.40 P.M “අධිකරණයේ විශ්වාසය පිළිබඳ මේරටේ ජනතාව විශාල සැකයට භාජනය වන කරුණු කාරණා ඇතිවෙන්න පටන් අරන් තියෙනවා.“ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කියා සිටියේය.

04.57 P.M පාර්ලිමේන්තුව යළි රැස්වන බව කාරක සභා සභාපතිතුමිය දැන්වීය.

05.27 P.M “රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා තමුන්නාන්සේ කවුරුත් නොමග යැව්වා. තමුන්නාන්සේට ප්‍රේක්ෂකයෝ ඉදී හැබැයි ඔය හොරකම් කරපු උන් ටික රකින්න තමුන්නාන්සේට කතා කරන්න කිව්ව. අවසානයේ තමුන්නාන්සේට කවුරුත් නෑ.ඔබතුමට විරුද්ධව මම අධිකරණයේ නඩුවක් දාලා තියෙනවා. නුගේගොඩ අධිකරණයේ මේ නඩුව විභාග වෙනවා. තමුන්නාන්සේ වැරදි කාරයා වෙයි කියලා විශ්වාස කරනවා අධිකරණයේ ස්වාධීනත්වය නිසා. හැබැයි මං අන්තිම දවසේ නඩුව අයින් කර ගන්නවා. මං තමුන්නාන්සේට එහෙම කරන්න දෙන්නේ නෑ.  “ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

05.35 P.M සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද දින විවාදයට ගත් අමාත්‍යාංශවල වියදම් ඒකක සංශෝධන ඉදිරිපත් කිරීම

05.38 P.M හෙට දින පෙරවරු 9.30 දක්වා පාර්ලිමේන්තුව කල් තැබිණි.

Rate this item
(0 votes)
Last modified on Monday, 23 November 2020 18:24