January 25, 2021

කොවිඩ් එන්නත 94.5% සාර්ථකයි - මිලත් තීන්දුයි

November 23, 2020

තම සමාගම විසින් නිපදවනු ලබන කොවිඩ් එන්නතේ මාතාවක් සඳහා රජයකට ඩොලර් 25ත් 37ත් අතර මුදලක් වැය කිරීමට සිදුවෙතැයි කොවිඩ් එන්නතක් නිපදවා ඇති මොඩර්නා සමාගම පවසයි.

එහි ප්‍රධාන විධායක ස්ටෙෆාන් බැන්සේ පැවසුවේ එහි මිල ඇණවුම් කරන ප්‍රමාණය මත යම් තරමක් වෙනස් විය හැකි බවය.   

"අපේ එන්නත සාමාන්‍ය සෙම්ප්‍රතික්ෂා/උණ සඳහා දෙන මාත්‍රාවක මිල වන ඩොලර් 10 ත් 50ත් අතර වෙයි." 

මේ අතර එන්නත් මාත්‍රා මිලියන ගණනක් මිලදී ගැනීමට, එම සමාගම සමග අදහස් හුවමරුකරගනිමින් සිටින යුරෝපීය කොමිසම පැවසුවේ එන්නතක් ඩොලර් 25කට ලබාගැනීමට ඔවුන් බලාපොරොත්තු වන බවය.

"කිසිවක් තවම අත්සන් කර නැහැ. නමුත් අපි නුදුරේදීම යුරෝපීය කොමිසම සමග එකඟතාවයකට පැමිණෙයි. අපි අපේ නිෂ්පාදනය යුරෝපයට යැවීමට කැමතියි. එය ඉදිරි දින කිහිපය තුළ සිදුවේවි," ස්ටෙෆාන් බැන්සේ පැවසීය.
  
මොඩර්නා සමාගම පැවසුවේ ඔවුන් විසින් නිපදවා ඇති එන්නත කොවිඩ් සඳහා 94.5% සාර්ථක බවය.

Rate this item
(1 Vote)