June 22, 2021

අරලියගහ මන්දිරයේ සේවකයෙකුට කොරෝනා! අරලියගහ මන්දිරයේ සීමිත නිලධාරීන් කැඳවා සාමාන්‍ය පරිදි වැඩ

November 22, 2020

අරලියගහ මන්දිරය කිසිදු ආකාරයක වසා දැමීමක් සිදු කර නොමැති බවත් මේවන විට පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අත්‍යාවශ්‍ය සීමිත කාර්ය මණ්ඩලයක් පමණක් සේවයට කැඳවා ඇති බවත් අග්‍රාමාත්‍ය මාධ්‍ය හා සන්නිවේදන අධ්‍යක්ෂ ජනරාල් විජයානන්ද හේරත් මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසීය.

කොවිඩ්19 නිසා අරලියගහ මන්දිරය තාවකාලිකව වසා දමා ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවද ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය අංශවලින් නිකුත් කර ඇති උපදෙස්වලට අනුකූලව අරලියගහ මන්දිරයේ දෛනික රාජකාරී කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන බවද හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් අරලියගහ මන්දිරයේ කාර්ය මණ්ඩලයේ සේවයේ නිරත වී ඇති තාවකාලික පදනම මත ගත් සේවකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවත් ඔහු රාජකාරී සඳහා කැඳවා නොමැති බවත් වාර්තා වේ.

එම සේවකයා කොළඹින් බැහැර පදිංචි අයෙක් බවද වාර්තා වේ.

නමුත් අරලියගහ මන්දිරයේ හෝ අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය කරන කිසිදු නිලධාරියෙකුට කොවිඩ් අවදානමක් නොමැති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

Rate this item
(0 votes)