March 29, 2024

අරලියගහ මන්දිරය ලොක්ඩවුන් කරයි?

November 22, 2020

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන අරලිය ගහ මන්දිරය ආරක්ෂිත පියවරක් ලෙස ලොක්ඩවුන් කර ඇතැයි වාර්තා වෙයි. 

මෙම ආරක්ෂිත ක්‍රමවේදය අනුගමනය කර ඇත්තේ අරලියගහ මන්දිරයේ සේවය කරන ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟයි.

එමෙන්ම එහි කාර්ය මණ්ඩලයට නැවත දැනුම්දෙන තුරු සේවයට වාර්තා නොකර මෙන්ද ඉල්ලීමක් කර ඇතැයි සඳහන්.

කොළඹ පවතින කොරෝනා අවදානම් තත්ත්වයද මෙම තීරණය බලපා ඇති බවට සඳහන් වෙයි.

අරලියගහ මන්දිරයේ අභ්‍යන්තර ආරංචි මාර්ග විසින් මෙම පුවත සනාථ කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ වාසය නොකර අතර ඔහු සිය විජේරාම මාවතේ පිහිටි හිටපු නිවසේ වාසය කරයි.

මෙම පුවත වාර්තා කර තිබුණේ ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පත විසිනි.

Rate this item
(2 votes)
Last modified on Sunday, 22 November 2020 16:18