April 19, 2024

ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ එකම දිනකදී සිදුවූ මරණ නොවෙයි

November 22, 2020

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ වාර්තා කරන ලද කොරෝනා මරන 05ක් ඊයේ සිදුවූ ඒවා නොවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියි.

ඊයේ දිනයේ සිදුව ඇත්තේ කොරෝනා මරණ 04ක් පමණක් බවත් අනෙක් 05 ඊට පෙර දින දෙකකදී වාර්තා වූ ඒවා බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

එම මරණවල පරීක්ෂණ වාර්තා ලැබීමෙන් අනතුරුව සියල්ලේම එකතුව ලෙස ඊයේ දිනයේ මරණ 09ක් ලෙස වාර්තා කර ඇතැයිද හමුදාපතිවරයා පවසා සිටියහ.

ඔහු මේ බව කියා සිටියේ රූපවාහිනි නාලිකාවක අද පෙරවරුවේ සාකච්චාවකට එක්වෙමිනි.

Rate this item
(0 votes)