March 29, 2024

අයවැයෙන් පසු ජනවාරියේ සිට මත්පැන් සහ සිගරට්වලට වෙන දේ

November 22, 2020

අරක්කු, සිගරට්, බීර සහ සන්නිවේදන සේවාවලටත් ඔට්ටු හා සූදු ව්‍යාපාරවලටත් මෝටර් රථ ව්‍යාපාරයටත්  අදාළ වන ලෙස අලුතෙන් භාණ්ඩ හා සේවා බද්ද (ජී.එස්.ටී.) පැනවීමට රජය තීන්දු කර ඇත.

පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය කතාවෙහි මෙම බදු යෝජනාව ඇතුළත් වේ.

නව බද්ද ක්‍රියාත්මක වන්නේ ලබන ජනවාරි මාසයේ සිට බවත් ඒ සඳහා පනවන බදු ප්‍රතිශතයන් කවරේද යන්න තවම තීරණය කර නැතත් එය ඉතා ඉක්මණින් ප්‍රකාශයට පත්කරන්නේ යැයිද මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග පැවසී ය.

මෙම භාණ්ඩ හා සේවාවලට දැනට බලපවත්වන බදු වර්ග ගණනාවක් වෙනුවට එක් බද්දක් අය කිරීම මෙම සංශෝධනයේ අරමුණ වී තිබේ.

Rate this item
(2 votes)