March 29, 2024

පොලිස්පති ගැන තීන්දුව හෙට - ජනපතිගේ නිර්දේශය පාර්ලිමේන්තු සභාවට

November 22, 2020

පාර්ලිමේන්තු සභාව හෙට(23) පස්වරු 4.00 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.

පොලිස්පති තනතුරු සඳහා සිදුකර ඇති පත් කිරීම් පරීක්ෂාවට ලක් කිරීම හා අභියාචනාධිකරණයේ ඇති වී තිබෙන පුරප්පාඩු සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිර්දේශ කර ඇති නම් සඳහා අනුමැතිය ලබාදීම එහිදී සිදුවනු ඇත.

වසරකුත් මාස 7 ක් වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කළ සී.ඩී.වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයට පත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සභාවට නිර්දේශ කර තිබිණි.

1986 සිට වසර 33 ක කාලයක් පොලීසියේ සේවය කළ සී.ඩී. වික්‍රමරත්න වසර 9 ක කාලයක් ජාතික බුද්ධි අංශයේ සේවය කර තිබේ.

පසුගිය වසරේ අප්‍රේල් 26 වනදා සිට ඔහු මේ දක්වා වැඩබලන පොලිස්පති ලෙසයි කටයුතු කරයි.

Rate this item
(0 votes)

Related items