April 25, 2024

එජාප මුහුණුවරේ වෙනසක් - රනිල් නැතිවම එජාප ප්‍රතිසංවිධානය අනුරාධපුරයෙන් ඇරඹෙයි

November 22, 2020

එජාප පාක්ෂිකයන්ගේ විශ්වාසය දිනා ගෙන පක්ෂයේ අභිමානයද ආරක්ෂා කර ගනිමින් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙන බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය ඊයේ (21) අනුරාධපුරයෙන් ආරම්භ විය.

මෙම සමාරම්භක උත්සවය අනුරාධපුර දිස්ත්‍රික්කයේ එජාප ආසන සංවිධායකවරුන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි සීදේවි හෝටලයේදි පැවැත්විණි.

එම සමාරම්භක උත්සවයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදි එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව පැවසීය.

‘‘එක්සත් ජාතික  පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු දිස්ත්‍රික් මට්ටමින් හා ආසන මට්ටමින් සිදු කිරිම අද අපි අනුරාධපුරයෙන් ආරම්භ කළා. ආසන සංවිධායකයින් හා අපේ පක්ෂයේ ක්‍රියාකාරීන් සමග මේ සම්බන්ධයෙන්  සාකච්ජා කළා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ගම් මට්ටමින් ආරම්භ කිරිමට සැලසුම් කර තිබෙනවා. ඒ වාගේම කොරෝනා රෝගය ව්‍යාප්තවි තිබෙන අවස්ථාවක සියල්ලන් සමග සාකච්ජා කරලා පක්ෂයේ කටයුතු ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පසුව හෙට අපි නුවර දිස්ත්‍රික්කයට යනවා. මේ ආකාරයට දිවයිනේ සියළුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි පක්ෂයේ ආසන සංවිධායකයන් හා ක්‍රියාකාරින් හමුවෙලා පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු දියත් කිරිමට තිරණය කොට තිබෙනවා.

විශේෂයෙන්ම අපේ පාක්ෂිකයන් කළ කිරිමකට පත්ව සිටියා මැතිවරණය පරාජය වූ  අවස්ථාවේ. ඒ වුණාට පාක්ෂිකයන්ගේ හිතේ එක්සත් ජාතික පක්ෂය තාමත් තිබෙනවා. අපි විශ්වාස කරනවා පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යන්න හැකිවෙයි කියලා. පක්ෂයේ මුහුණුවරේ වෙනසක් අවශ්‍යවි තිබෙනවා. අපේ ආණ්ඩුව තියෙන කාලයේ අපේ පාක්ෂිකයන්ට යම්කිසි අසාධාරණයක් සිද්ධ වෙලා තිබුනා. අපි ඒක පිළිගන්නට ඔනේ. ඒ නිසා නැවත පාක්ෂිකයන්ගේ හිත දිනා ගෙන පක්ෂය ශක්තිමත් කරන්න ඔනේ. දෙසැම්බර් මාසයේ අගවන විට ජනවාරියේ මුල් සතිය වන විට දකින්නට ලැබෙයි මේ පක්ෂයේ අපි ඇතිකරන වෙනස් කම්.“ යැයි ඔහු වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)