January 25, 2021

හෙට ඇරඹෙන පාසල් වාරයට ප්‍රවාහන මාධ්‍යයන් නියාමනයක්

November 22, 2020

හෙටින් ඇරඹෙන තෙවන පාසල් වාරය සඳහා ළමුන් ප්‍රවාහනය සඳහා භාවිත කරන ප්‍රවාහන මාධ්‍යන් නියාමනය කිරීමට පොලිසිය කටයුතු කර තිබේ. ඒ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර තිබේ.

මේ අනුව පාසල් ළමුන් ප්‍රවාහනය කරන ප්‍රවාහන මාධ්‍යයන් වන පාසල් බස්රථ ,වෑන් රථ,ත්‍රීරෝද රථ සහ පුද්ගලික වාහන සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමු කරන බව පැවසෙනවා. එසේම දඩ පත්‍රිකා ලබාදීමක් හෝ අත්අඩංගුවට ගැනීමක් බලාපොරොත්තු නොවන බවත් නමුත් නියාමනයක් සිදුකරන බවත් සඳහන් කර තිබේ.

කෙසේ නමුත් පාසල්වලට ළමුන් ප්‍රවාහනයේ දී ගතයුතු නිසි ක්‍රියාමාර්ග ගැන සෞඛ්‍ය මාර්ගෝපදේශ ගණනාවක් තිබෙන බවත් ඒවා අනුගමය කළ යුතු බවත් සඳහන් කරයි.

තවද ත්‍රීරෝද රථවල පාසල් දරුවන් තිදෙනෙක් රැගෙනයාම මෝටර් රථ පනතට පටහැනි වුවත් මින් පෙර ඒ සම්බන්ධයෙන් කටයුතු කර නොමැති බවත් හෙට සිට එලෙස රැගෙනයාම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර තිබේ.

රුපවාහිනී වැඩසටහනකට සම්බන්ධවෙමින් මෙම අදහස් පළකර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 22 November 2020 12:48