April 20, 2024

කොවිඩ් 19 හමුවේ රට නඟාසිටුවීමට වත්මන් ජනපතිට පුළුවන්

November 22, 2020

එල්.ටී.ටී.ඊ. ය පරාජය කිරීමේ මෙහෙයුමක් පවතින අතරම රටේ ආර්ථිකය හිණිපෙත්තට ගෙන යන්නට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පුළුවන් වුණා. ඒ වගේම කොවිඩ් 19 හමුවේ රට නඟාසිටුවීමට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පුළුවන් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් ‍පෙරේරා මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

'රටේ ආර්ථිකය ගොඩ නඟන්න බැසිල් රාජපක්ෂ මහතාගේ සහාය අවශ්‍යයි. එනිසා ලබන වසරේ දී ඒ මහතා පාර්ලිමේන්තුවට පැමිණිය යුතුයි. විපක්ෂ නායකතුමා විහිළුවක් කළා නිදහස් මාධ්‍යයට අත තියන්න එපා කියලා. ඒක බොරුවක්. මේ රජය පත් වූ දින සිට කිසිම මාධ්‍ය මර්දනයකට අත තබා නෑ. නමුත් සජිත් ප්‍රේමදාසට ඕනෑ මේ මාධ්‍ය ආයතනවලට අත තබා එයාලට වාසි ගන්න. නමුත් අප දන්නවා ගිය රජය සමයේ මාධ්‍යවේදීන්ට ගහපු හැටි. ඔහු එතකොට කැබිනට් ඇමැති කෙනෙක්. ඒ වගේම එයාගේ තාත්තාගේ කාලයේ රිචඩ් ද සොයිසා ඇතුළු අය මැරුණා. ඒක අවශ්‍ය නම් විපක්ෂ නායකතුමාගේ අම්මාගෙන් අහලා දැන ගන්න පුළුවන්. ඒ වගේම දිවයින පත්තරෙන් පින්තූරයක් ගත්තා කියලා හප්පලා මරපු ඒවා ගැනත් අහගන්න පුළුවන්. නමුත් මේ රජය යටතේ කිසි දිනෙක එහෙම කළේ නෑ. උද්ඝෝෂණ කරන අයට වෙනම තැනක් වෙන් කර හොඳට කතා කර වෙනම වැඩපිළිවෙළක් යටතේ විසඳුම් දුන්නා. ජාතික ලැයිස්තුවත් එක්ක 54යි පාර්ලිමේන්තු ආසන දිනා ගත්තේ. 2/3ක් පොහොට්ටුව දින්න. එතකොට දිනුම් සින්නදොරේ ද ගෝඨාභය සර් ද. පසුව 54ක් ගත් පෙරියදොරේට දැන් 48යි තිබෙන්නේ. 20 වැනි සංශෝධනයෙන් කොච්චර ෆේල්ද කියලා පෙන්නුවා පෙරියදොරේ.

අද විශාල අභියෝග තිබෙනවා. මුළු ලෝකයේම ආර්ථිකය කඩා වැටිලා මේ කො‍රෝනා නිසා. වෙනම ආකාරයකට වැඩ කළ යුතුයි. සාමාන්‍ය තත්ත්වය යටතේ ජීවත් වීමට අප දැන් පුරුදු විය යුතුයි. ඒ නිසා කවුද ෆේල් කියලා හොඳට කල්පනා කර බලන්න කියලා අප සජිත් පෙරියදොරේට කීවා. මොකද ගොබෙල්ස්ගේ න්‍යාය දැන් වලංගු නෑ.

මේ ආර්ථිකය ගොඩනඟන්න ලබන වසරේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු එන්න ඕනෑ. මොකද අප කවුරුත් දන්නවා මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ ආර්ථිකය තහවුරු වුණා වගේම ආර්ථිකයේ හිණිපෙත්තටම නැග්ගා කියලා. එහි හිමිකරු තමයි බැසිල් රාජපක්ෂ මහතා. ඉතින් ඔහු පාර්ලිමේන්තු පැමිණිය යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා

'ඩිලාන් පෙරේරා මහතා කිවුවා වගේම සින්නදොරේ ෆේල්. ඒ බව එයා හදපු ගම්මානවලට ගියාම පේනවා. ඒ මිනිස්සු අද ණය වෙලා. නමුත් අප සියපත නිවාස වැඩසටහන ආරම්භ කළා. ආසන 60ක නිවාස 16,000ක් ඉදි කරනවා. සින්නදො‍රේ කළා වගේ ජනතාව රැවටීමක් නොවෙයි මේ. සත්‍ය වශයෙන්ම නිවාසය හදලා දෙනවා.

මේ වන විටත් අප 'ගමට ගෙයක් රටට හෙටක්' කියන වැඩසටහනෙන් ග්‍රාම සේවා වසමකට එක ගෙයක් හදනවා. ඒ හරහාත් ගෙවල් 14,000ක් හැදෙනවා. ඒ අනුව ගත් විට අපේ රටේ ඉදිරියට විශාල සංවර්ධනයක් සිදු වෙනවා. කාලකණ්ණි කර තිබූ රට හදන්න අද අප භාරගෙන තිබෙනවා. ඒකට අපට විනයගරුක සහ බුද්ධිමත් දෙපළක් නායකත්වය දෙනවා. ඒ තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්.'

Rate this item
(0 votes)