April 25, 2024

පන්සලේ සිටි දැරියට නිරුවත පෙන්වූ පුද්ගලයා අත්අඩංගුවට

November 21, 2020

පසුගිය (19) සිකුරාදා දිනයේදී සමාජයේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වූ සිදුවීමක CCTV දර්ශනයක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු විය.

එක්තරා පුද්ගලයෙකු විසින් පිලියන්දල සුවාරපොල විහාරස්ථානය අසළ සිය යතුරු පැදිය නවතා බුදුන් වඳින මෙන් සිට එම විහාර ස්ථානයට පැමිණ සිටි දැරියකට සිය නිරුවත පෙන්වූ අවස්ථාවක් එම වීඩියෝ දර්ශනය තුළ තිබූ අතර එම සිදුවීම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය විය.

එම සිදුවීමට සම්බන්ධ පුද්ගලයා අද (21) දිනයේ අත්අඩංගුවට ගැනීමට පිලියන්දල පොලීසිය සමත්ව තිබුණි. ඔහු පානදුර උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ලෙස හඳුනා ගෙන තිබේ. 

සැකකරුව කැස්බෑව අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 02ක ඇප මත මුදාහැර තිබේ.

Rate this item
(0 votes)