April 19, 2024

ආණ්ඩුව ටීඑන්ඒ එක්ක සාකච්ඡාවකට සූදානම්! අගමැතිගේ ඉල්ලීමට සුමන්දිරන් කැමැත්ත දෙයි

November 22, 2020

දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් ඉදිරියේදී රජය සමඟ නිල මට්ටමින් සාකච්ඡා කිරීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා යළි සාකච්ඡාවක් ආරම්භ කළ යුතු බව ප්‍රකාශ කළැයි එහි මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පැවසීය.

ඊයේ යාපනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ,

“පාර්ලිමේන්තු භෝජනාගාරයේදී අපි හමුවුණා. ඒ වෙලාවේ අගමැතිතුමා, අපි සාකච්ඡාවක් පටන් ගන්න ඕනි කිව්වා. අපි ඕනෑම වෙලාවක සාකච්ඡාවට ලෑස්තියි කියලා මම ඒ වෙලාවේ එතුමට ප්‍රකාශ කළා. ඒ වෙලාවේ ජනාධිපතිතුමත් එතැනට ආවා. ජනාධිපතිවරයාටත්, අගමැතිවරයා එහිදී ඒ කතාව කිව්වා. ඊට පස්සේ අගමැතිතුමා කිව්වා ඡන්දෙට කලිනුත් අපි සාකච්ඡා කරලා තියෙනවා, නමුත් දැන් නිල මට්ටමින් සාකච්ඡාවක් පවත්වන්න ඕන කියලා. ඒකට වෙලාවක් වෙන් කරලා, අගමැතිවරයා සමඟ සාකච්ඡා කරලා දැනුම් දෙන්නම් කියලා ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.”

Rate this item
(0 votes)
Last modified on Monday, 23 November 2020 09:27

Related items