April 20, 2024

අසමත්භාවයේ පියවරුන් තමයි මේ ආණ්ඩුවේ සමත් අසමත්භාවය ගැන කතා කරන්නේ

November 21, 2020

අවුරුද්දක් ඇතුලත මේ ආණ්ඩුව කලේ මොනවා දැයි විපක්ෂය ප්‍රශ්න කරන බව සඳහන් කරන විමල් විරවංශ අමාත්‍යවරයා අවුරුදු 4 හමාරක් ඇතුලත විපක්ෂය ආණ්ඩුවේ සිටිද්දී කලේ මොනවා දැයි තමා ප්‍රශ්න කරන බව අයවැය විවාදයට එක්වෙමින් සඳහන් කරන ලදී.

අසමත්භාවයේ පියවරුන් තමයි මේ සමත් අසමත්භාවය ගැන කතා කරන්නේ යැයිද ඇමතිවරයා එහිදී පවසන ලදී.

සහරාන් මහා දවල් මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගනිද්දී බලා සිටි, ඒ ප්‍රහාරයෙන් පසු ආර්ථිකය කඩා වැටෙද්දී බල බලා කොලොප්පම් කරමින් සිටි අසමත්භාවයේ පියවරුන් මෙසේ ප්‍රශ්න කරන බවද විරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රශ්න කරන ලදී.

මහ දවල් මහ බැංකුව හොරකම් කරද්දී ඊට ෆුට් නෝට් ගසා එහෙම දෙයක් වෙලා නැහැයි කියපු ඒ ගැන පොත් ලියපු අසමත්භාවයේ පියවරුන් ආණ්ඩුවේ සමත් අසමත්භාවය සොයන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙහෙම ප්‍රශ්න කරන අයගේ අසමත් භාවය නිසා අවුරුදු හතර හමාරක් යන විට ජනතාව ඔවුන්ව කණෙන් අල්ලා එලියට දැමු බවද විරවංශ මහතා අවධාරණය කරන ලදී. 

Rate this item
(0 votes)