April 20, 2024

2021දීත් ඉදිරිපත් කරන අයවැයෙන් අපි ෆේල්ද? පාස්ද? කියලා බලා ගන්න

November 21, 2020

2021 දීත් මේ ආණ්ඩුව අයවැයක් ඉදිරිපත් කරන බවත් ඒ අවස්ථාවේදී මේ අයවැයෙන් ඉදිරිපත් කල යෝජනා ක්‍රියාත්මක කොට තිබෙනවා නැද්දැයි සොයා බලන ලෙස නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා අයවැය විවාදයට එක්වෙමින් විපක්ෂයෙන් ඉල්ලීමක් කරන ලදී.

ඒ අවස්ථවේ මේ ආණ්ඩුව ෆේල් ද නැද්ද කියා බලා ගැනීමට හැකි බවද පෙන්වා දෙන ඇමතිවරයා එදාට අති විශිෂ්ඨ සාමාර්ථ ලබා ගනිමින් ආණ්ඩුව සමත් බව ඔප්පු කරන බවද සඳහන් කරයි.

මේ අයවැයෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල් හා ණය මේ ආණ්ඩුවට ඉතා පහසුවෙන් සොයා ගැනීමට හැකි බවද සඳහන් කරන අමාත්‍යවරයා මේ අයවැයෙන් ඉදිරිපත් කල යෝජනා ක්‍රියාත්මක කිරීමට නොහැකි බවට සිහිනවල සිටිමින් කාලකන්නි සතුටක් නොලබන ලෙසද විපක්ෂයෙන් ඉල්ලීමක් කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Saturday, 21 November 2020 14:04