March 28, 2024

අපි ෆේල් නෑ ඊර්ශියා කරන්න එපා - නිමල් සිරිපාල

November 21, 2020

අය වැය කතාවෙිදී කබීර් හශීම් මහතා ප්‍රකාශ කර සිටියේ මොරගහකන්ද ජලාශය සම්පූර්ණයෙන්ම දේශීය මුදලින් පසුගිය රජය යටතේ වැඩ නිම කල බවයි. මෙයට පිලිතුරු සපයමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා මොරගහකන් ද ව්‍යාපෘතිය මහින්ද රාජපක්ෂ ජනාදිපති තුමාගේ පාලන සමයේ දී තමා වාරිමාර්ග අමාත්‍යවරයා ව සිටියදී ආරම්භ කළ අතර ඒ සඳහා චීනය සමගත් කළුගඟ ව්‍යාපෘතිය සඳහා කුවේට් රජය සමගත් ගිවිසුම් අත්සන් කල බව ප්‍රකාශ කොට සිටියා . එම පාලන සමයේ දී සියයට අසූ හතක් ව්‍යාපෘතියේ වැඩ අවසන් කළ බවත් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

“අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කල ආකාරයට රටේ නිශ්පාදන අඩුවෙලා තියෙනවා .”

“ඒ මේ කොවිඩ් වසංගතයත් එක්ක . ඒක හැම රටකම සිද්ද වුනා ”.

“ෆැක්ට්‍රි වල වැඩකරන්න බෑ . ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරන්න වෙනවා.”

“අපි කර්මාන්ත කරුවන්ට සහන ලබා දීල තියෙනවා .”

“අපි ෆේල් නෑ ඊර්ශ්‍යා කරන්න එපා .”

Rate this item
(0 votes)
Last modified on Saturday, 21 November 2020 14:06