April 19, 2024

මහ බැංකු සේවකයෙකුට කොවිඩ්

November 21, 2020

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ගම්පහ ප්‍රදේශයේ පදිංචි මහ බැංකුවේ ආපන ශාලාවේ සේවකයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

ආසාදිතයා හඳුනා ගැනීමත් සමඟ මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා ඇතුළු ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත්, මහ බැංකුවේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව ද වාර්තා වේ.

ඔවුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකර ඇති අතර ඔවුන් සියලු දෙනාම ආසාදිතයින් නොවන බවට තහවුරු වී ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

Rate this item
(0 votes)