April 23, 2024

කාලයකට පසු විජේදාස කළ එළි බහී - අයවැය ගැන දෙපැත්තටම පාඩමකුත් කියා දෙයි Featured

November 21, 2020

අවුරුද්දකට වතාවක් අයවැයක් ඉදිරිපත් කල විට ආණ්ඩුව හා විපක්ෂය ඒ සම්බන්ධයෙන් වාද කර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා අයවැයට එක්වෙමින් ප්‍රකාශ කරන ලදී.

එම කරුණ තවදුරටත් විග්‍රහ කල රාජපක්ෂ මහතා හැම ආණ්ඩුවක්ම ප්‍රකාශ කරන්නේ තමන් ගෙන එන අයවැය මෙතෙක් ඉදිරිපත් කල හොඳම අයවැය බවත් විපක්ෂය ප්‍රකාශ කරන්නේ ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන අයවැය ඉතිහාසයේ ගෙන එන ලද දුර්වලම අයවැය බවය.

මේ තර්කය තුල සිටිමින් ආණ්ඩුව හා විපක්ෂය පසුගිය දින තුල පාර්ලිමේන්තුවේදී විවාද කර ගත් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එහෙත් අයවැය විවාදයකදී බලාපොරොත්තු වන්නේ එය නොවන බව පෙන්වා දෙන රාජපක්ෂ මහතා අයවැය ආණ්ඩුවේ ප්‍රශ්නයක් බවට ලගු කිරීමෙන් ඊට විසඳුම් සෙවිය නොහැකි බවද සඳහන් කරයි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව හඬ නගා ඊට පක්ෂව ජන්දය දුන් විජේදාස රාජපක්ෂ මහතා මසක පමණ නිහඩතාවය බිඳ හෙලමින් අයවැය විවාදයට එක්වෙමින් මෙම අදහස් පාර්ලිමේන්තුවේදී පළ කරන ලදී.

Rate this item
(5 votes)
Last modified on Saturday, 21 November 2020 15:17

Related items