April 17, 2024

මම එහෙම දෙයක් දැම්මෙ නෑ - පුළුවන් නම් ඔප්පු කරන්න : සබ්‍රිගෙන් විමල්ට අභියෝගයක්

November 21, 2020

කොවිඩ්19 හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයින් භූමිදාන කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු බව සඳහන් කරමින් තමා මුහුණු පොතේ සටහනක් තැබූ බව හැකි නම් ඔප්පු කරන ලෙස අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විමල් වීරවංශ අමාත්‍යවරයාට කැබිනට් මණ්ඩල රැස්වීමේදී අභියෝගයක් කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

සබ්‍රි මහතා එම අභියෝගය කළේ මුස්ලිම් දේහයන් භූමිදානය කිරීමට කැබිනට් මණ්ඩල අවසරය ලැබුණු බව සමාජ මාධ්‍ය හරහා පසුගිය කාලය පුරා පැතිර ගියේ ඒ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා සිය මුහුණු පොතේ තැබූ සටහනක් නිසා බවට විමල් වීරවංශ අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේදී කළ ප්‍රකාශයට පිළිතුරු ලෙස ය.

විමල් වීරවංශ අමාත්‍යවරයාගේ මෙම චෝදනාව අලි සබ්‍රි අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයේ දී ප්‍රතික්ෂේප කළ බවද දැනගන්නට තිබේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 21 November 2020 15:43