April 23, 2024

ඇත්ත කියන මිනිහා හැමදාම හිරේ - මගේ මාමා විජයට වුනෙත් ඒකයි : හිරේ දැම්මා, වෙඩි තියලා මැරුවා

November 21, 2020

ලොක්කා මාව හිරේ දාන්ඩ යනවා. හිරේ දැම්මා කියලා මේ වන්ෂොට්ලා සෙකන්ඩ් වෙන්නේ නෑ. බය වෙන්නේ නෑ. කට වහන්නෙ නැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කරන ලදී.

මේවා කතා කරල මාව තුන් පාරක් හිරේ දැම්මා. මට නඩු 36ක් තියෙනවා. දිගටම නඩු දාන්න. ලංකාවේ ඇත්ත කතා කරන මිනිහා හැමදාම හිරේ යැයිද රාමනායක මහතා පෙන්වා දෙයි.

මගේ මාමා විජේ කුමාරතුංග තිත්ත ඇත්ත කතා කරන්න ගිහිල්ලා හිරේ දැම්මා. වෙඩි තියලා මරලා දැම්මා යයිද මන්ත්‍රීවරයා අවධාරණය කරන ලදී.

රංජන් රාමනායක මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ අයවැය විවාදයට එක්වෙමින්.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 21 November 2020 14:38