April 24, 2024

රජයේ ආදායම බරපතල අර්බුධයක - රුපියල් 100ක් වියදම් කරන විට ලැබෙන්නේ රුපියල් 28යි

November 21, 2020

`රාජ්‍ය ආදායමේ කඩා වැටීම රට විශාල ආර්ථික අර්බුධයකට ගෙන යන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අයවැය විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

2020 රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1350ක් වන අතර රාජ්‍ය වියදම රුපියල් බිලියන 4418ක් සේ ගණන් බලා තිබෙන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා එය රාජ්‍ය ආදායමෙන් 28%ක් බවද පෙන්වා දෙයි.

මෙම බිඳ වැටීම වඩාත් සරලව පැහැදිලි කරන්නේ නම් රජය රුපියල් 100ක් වියදම් කරන විට රජයට ලැබෙන්නේ රුපියල් 28ක් බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

රාජ්‍ය ආදායමේ මෙම බිඳ වැටීමට රාජ්‍ය ආයතන 52ක් බරපතල පාඩු ලැබීම හේතු වී තිබෙන බව සඳහන් කරන දිසානායක මහතා එහි රාජ්‍ය ආයතන 31 මේ වර්ෂයේදී රුපියල් බිලියන 120ක් පාඩු ලබන බව ඇස්තම්නේතු කර තිබෙන බවද පෙන්වා දෙයි.

ක්ෂේත්‍ර 5ක් පුරා මුහුණ දී තිබෙන බිඳ වැටීම හේතු කොට ගෙන ආණ්ඩුව මෙම දරුණු ආර්ථික අර්බුධයට මුහුණ දී සිටින බවද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

Rate this item
(0 votes)