March 29, 2024

වැඩ කරේ නැත්තං ගෙදර යන්න වෙනවා - දිනේශ් ගුණවර්ධන

November 21, 2020

වැඩ කරේ නැත්තං ගෙදර යන්න වෙනවා . දැන් බලන්න පෞද්ගලික අංශයෙත් එහෙමයි. අපි ජනාදිපති තුමාට සහයෝගය දෙන්න අවශ්‍යයි. ඒ නිසා මේ අය වැය දිනවන්න සහයෝගය දීම වැදගත්. ලෝකයේ හැම ආර්ථිකයක් ම කඩා වැටිලා . ණය දෙන ආයතන ඒව අය කර ගැනීමෙදි සහන සැලසිය යුතුයි.

අපි වතු කම් කරුවන්ගේ රුපියල් 1000 දීමනාව කෙලෙස හෝ ගෙවනවා .අපිට මේ මොහොතේ මෝටර් රථ කරමාන්තයට වඩා ආයෝජන වැදගත් .අපි ආයෝජන අවස්තා කපා හැරල නැහැ.

සුර්ය බලයෙන් විදුලිය නිපදවීම ගැන අය වැයෙන් විශේෂ සහන සලසල තියෙනවා.

හැම දරුවෙකුටම තාක්ෂණ දැනුම ලබා දෙන්න මේ අය වැයෙන් යෝජනා කරල තියෙනවා.

රටට අපිට දෙන්න පුලුවන් සහයෝගය මේ මොහොතේ අපි ලබා දීම කළ යුතුයි.

අය වැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමට සහභාගී වෙමින් විදේශ අමාත්‍ය  දිනේශ් ගුණවර්ධන මහතා අදහස් දැක්වීය .

Rate this item
(0 votes)
Last modified on Saturday, 21 November 2020 11:06