April 25, 2024

“ලංකාව ට්‍රිලියන 18ක ණය කන්දක හිරවෙනවා“ - අසමත් බවේ ලක්‍ෂණයක් පෙන්වමින් විජිත හේරත් කියයි

November 19, 2020

මෙම ආණ්ඩුව ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවට අනුව 2021 වසර අවසන් වන විට ශ්‍රී ලංකාව ට්‍රිලියන 18 ක ණය කන්දක හිරවන බවත් ඒ සඳහා විකල්ප ලෙස නැවත ණය ගැනීම හෝ සල්ලි අච්චු ගැසීම බවත් ජාතික ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී විජිත හේරත් මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එය අසමත් බවේ ලක්‍ෂණයක් ලෙසින් ද විජිත හේරත් මහතා විසින් හඳුන්වන ලදි.

ආණ්ඩුව ඉදිරිපත් කළ 2021 අයවැය පිළිබඳව විවාදයට එක්වෙමින් විජිත හේරත් මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“රටක් හැටියට 2021 වසර අවසන් වන විට අපි ටි්‍රලියන 18 ක ණය කන්දක හිරවෙනවා. මෙයට විකල්ප දෙකයි තියෙන්නේ. එකක් ණය ගන්න එක. අනිත් එක ඔබතුමන්ලා යෝජනා කරන්නේ සල්ලි අච්චු ගහන එක. ණය ගැනීමයි, සල්ලි අච්චු ගැසීමයි කියන්නේ අසමත් කමනේද?”

“ආණ්ඩුව ඉදිරිපත් කරපු අයවැයේ ඉතා පැහැදිළිව කියලා තියෙනවා ආදායම බිලියන 1961 කියලා. ඒ වගේම වියදම බිලියන 3500 කියලා. මේ අදායම සොයාගන්නා උත්පාදන ක්‍රමයක් ගැන සඳහන් කතරලා නෑ”

“ආණ්ඩුව ඉතා පැහැදිළිව මේ අයවැය තුළ යෝජනා කරලා තියෙන්නේ තවත් බිලියන 3000 ක් අලුතෙන් ණය ගන්න. 2020 තුළ බිලියන 2000 ක් දැනටමත් ණය අරන් තියෙනවා. පාර්ලිමේන්තුවේ අනුමැතියක් නැතුවත් මේ ආණ්ඩුව බිලියන 2000 ක් ණය අරගෙන තියෙනවා. දැන් යෝජනා කරනවා තවත් බිලියන 3000 ක් ණය ගන්න. ඒ කියන්නේ මේ අවුරුදු දෙකට පමණක් 2020 සහ 2021 ට අවුරුදු දෙකට පමණක් මේ අසමත් ආණ්ඩුව බිලියන 5000 ක් ණය ගන්න යෝජනා කරනවා. ඒ කියන්නේ ට්‍රිලියන 5 ක්”

“සේමසිංහ ඇමතිතුමා කිව්වා 2014 වන විට ටි්‍රලියන හතක ණය බරක් තිබුණා කියලා. එක්සත් ජාතික පක්‍ෂය ඒක ට්‍රිලියන 13 දක්වා වර්ධනය කරා කියලා. ඒ අවුරුදු පහ තුළ ට්‍රිලියන හයකින් ණය බර වැඩි කළා කියලා. ඔබතුමන්ලා අවුරුදු දෙකක් ඇතුළත ටි්‍රලියන පහකින් මේ ණය බර වැඩි කරනවා. ඒක හරිද?

“මේ කරන්නෙත් නැවත ණය කන්දක රට හිරකරන එක නේද? එදා එක්සත් ජාතික පක්‍ෂය බලයට එනවිට කිව්වා රාජපක්‍ෂ පාලනය රට ණය කළා ඒකෙන් රට මුදොගන්න කියලා. නමුත් එතුමන්ලා කළෙත් රට ණය උගුලක පැටලීමයි” යැයි ද හේරත් මහතා වැඩි දුරටත් පැවසීය.

Rate this item
(0 votes)

Related items