April 25, 2024

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අද - LIVE UPDATE

November 19, 2020

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අද (19) වන අතර පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්විය.

ලබන 21 වනදා දක්වා අයවැය දෙවන වර කියවිමේ විවාදය පැවැත්වෙන අතර එදින පස්වරු 05.00 ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

LIVE UPDATE...

09.30 A.M පළමුව නියෝජ්‍ය කතානායකවරයා පාර්ලිමේන්තුවට පැමිණීමෙන් අනතුරුව පාර්ලිමේන්තු විවාදය ආරම්භ විය.

09.31 A.M මහජන පෙත්සම් සභාවට ඉදිරිපත් කිරිමෙන් පසු වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න වාරය ආරම්භ විය.

09.56 A.M “ඔබයි අලුත් පක්ෂයේ අනාගත නායකයා වෙන්න සුදුසු. එතුමා දක්ෂයා. වැඩිම ප්‍රශ්න අහෙන්නේ එතුමා“ ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

10.20 A.M පෞද්ගලික අංශයේ සේවකයන්ට ද රාජ්‍ය සේවකයන්ට මෙන් අවුරුදු 60න් විශ්‍රාම යාමට රජය ගෙන තිබෙන තීරණය පෞද්ගලිකවම තමා අගය කරන බව සමඟි ජනබලවේග මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

10.50 A.M හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් සභාව ඇමතීම ආරම්භ කළේය.

11.05 A.M“ ජනාධිපතිතුමා සිදු කරන ප්‍රතිපත්තිය මම අගය කරනවා. දුගී භාවය අවම කිරීමට වැඩපිළිවෙලක් ඇති අයවැයක්“ - පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

11.19 A.M පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසූවේ “ මේ අයවැයෙන් සාමාන්‍ය ජනතාවට කිසිම සහනයක් නෑ..කෝ ජනතාවට සහන. මේ අයට උදව් කරපු මහා පරිමාණ සමාගම් බිලියන 600ක බදු සහන දුන්නා“

11.18 A.M “පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට දඩුවම් දෙනවා.“ අමාත්‍ය නිමල් ලංසා මහතා සඳහන් කළේය.

11.18 A.M “ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීතුමා එජාපයට ගියේ හන්තාන ඉඩම නිසා තමයි. ඔබතුමාට නඩුවෙන් දිනන්න තව අවුරුදු 10ක් ඉන්න වෙයි“ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා පැවසීය.

11.40 A.M ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභාගැබට පැමි‍ණෙයි.

11.58 A.M “මේ අයවැය ලේඛනය ඉදිරිපත් කරපු මොහොත අසීරු සහ අමාරුඅවස්ථාවක් 2021 වෙනුවෙන් ඉදිරිපත් කරපු මේ අයවැය අභියෝග ජයගන්න ඉලක්ක කරපු කාරණා පිළිබඳ සෑහීමකට පත් වෙන්න බෑ“ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා විවාදයට එක්වෙමින් සඳහන් කළේය.

12.30 P.M දිවා භෝජනය සඳහා පස්වරු 1.00 දක්වා කල් තැබීය.

01.00 P.M දිවා භෝජනයෙන් පසු නැවත අයවැය දෙවන වර කියවීමේ විවාදය යළි ආරම්භ කරයි

01.00 P.M “ආණ්ඩුව මේ අයවැයෙන් යෝජනා කරලා තියෙන්නේ තවත් බිලියන 3000ක් ආපසු ණය ගන්න. 2020 සහ 2021 අවුරුදු දෙකට විතරක් මේ අසමත් ආණ්ඩුව ට්‍රිලියන 5ක් ණය ගන්න යෝජනා කරනවා.“ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.

 01.40 P.M “ ආරක්ෂාව සඳහා මුදල් වැඩියෙන් වෙන් කළ කියලා ඒක යුද්ධයක් ආරම්භ කිරීමක් නෙමෙයි. අපිට අර්බුද තියෙනවා ආර්ථිකයට ගැටලු තියෙනවා ආර්ථිකයට. මේ රට ඉදිරියට ගෙන යාමට විපක්ෂය සහයෝගය ලබා දිය යුතුයි“ පාර්ලිමේන්තු මන්ත්‍රී, අමාත්‍ය කනක හේරත් මහතා පැවසී ය.

02.12 P.M අයවැය විවාදයේ මංගල කතාව කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා පැවසූවේ “අපි දැක්කා පසුගිය කාලේ අධිකරණයට බලපෑම් කරන විදිහ. අපි දන්නවා විපක්ෂය කටයුතු කරපු ආකාරය“

02.12 P.M “මේ රජය බලයට පත් කරන කොට වියත්මගේ සාමාජිකයෝ විශාල කාර්යභාරයක් ඉෂ්ට කලා. අයවැය දැක්කහම නම් හිතෙනවා වියත්මගේ කාර්යභාරයක් තියෙනවද කියලා. මේ ආණ්ඩුවේ අත්දැකීම් තියෙන ජ්‍යෙෂ්ඨ අය ඉන්නවා. ඊයේ පෙරේදා ආපු අයට ඇමැතිකම් දීලා “ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.

පාර්ලිමේන්තුව නොවැම්බර් 20වන දින පෙරවරු 9.30 දක්වා කල් තැබීමට යෝජනා කෙරිණි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 November 2020 21:01