April 24, 2024

අරගලයේ වුවමනාව එදාට වඩා වැඩියෙන් අද දැනෙමින් තිබෙනවා - අනුර කුමාර දිසානායක

November 18, 2020

සෑම අරගලයකම ඉතිහාසය ලියන්නේ එහි ජයග‍්‍රාහකයන් විසිනුයි. ඒනිසා අරගලයේ ජයගත් ධනපති පංතිය රෝහණ විජේවීර සහෝදරයා සම්බන්ධයෙන් වගේම එම අරගලය සම්බන්ධයෙන්ම අසත්‍ය තොරතුරු, අභූත චෝදනා එල්ල කළා. ඕනෑම අරගලයක සාධනීය ලක්ෂණ මෙන්ම නිශේධනීය ලක්ෂණත් තිබෙනවා. ගතවූ වසර තිස් එකක කාලය තුළ එම අරගලයේ නිශේධනීය ලක්ෂණ බැහැර කරමින් සාධනීය ලක්ෂණ උකහා ගනිමින් හා අලූත් දේ එකතු කරමින් අප මේ ගමන පැමිණ තිබෙනවා. එහෙත් එම අරගලයේ වුවමනාව අන් කවරදාටත් වඩා වැඩියෙන් දැන් අප හමුවේ විද්‍යමාන වෙමින් තිබෙනවා. එම අරගලය සඳහා කැපකිරීම, ධෛර්යය, වීර්යය, පරිත්‍යාගය අපට වුවමනාවී තිබෙනවා.’’ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මෙසේද පැවසීය.

අපේ පංතියේ මිනිස්සු වෙනුවෙන් පක්ෂක් ගොඩනැගූ ඒ වෙනුවෙන් කැපකිරීම් කළ, කැපකිරීම් කරන්නට මග පෙන්වූ අපේ පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ඝාතනය කර අදට වසර තිස් එකක් වෙනවා. ඒ විතරක් නෙවෙයි එදා ඔවුන් අපේ පක්ෂයේ සංවිධායකයන්, සාමාජිකයන් විශාල පිරිසක් ඝාතනය කළා. අද වන විට ලෝකය පුරා ලක්ෂ ගණනින් කොවිඞ් වසංගතයට ගොදුරු වෙමින් සිටිනවා. තවත් ලක්ෂ ගණනක් මිය ගොස් තිබෙනවා. ඒ නිසා අද අපිට මේ සමුළුව කරන්න සිදුවී තිබෙන්නේ විශේෂ අභියෝගයක් හමුවේය. අද විතරක් නෙවෙයි අපේ සහෝදර සහෝදරියෝ සමරුව හිරගෙවල්වල සිටද සිදුකළා.

එදා ජේ. ආර්. ජයවර්ධන බලයට ආවේ හැත්තෑදෙකේ ව්‍යවස්ථාව යටතේ. එහෙත් ව්‍යවස්ථාව වෙනස්කර ඔහු තමන් යටතට සියලූ බලය කේන්ද්‍ර කරගෙන, පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයත් උපයෝගී කරගෙන ජනතාව අයිතීන් උල්ලංඝනය කරන්නට පටන් ගත්තා. වැඩකරන ජනතාවගේ අයිතීන් කප්පාදු කළා. උතුරේ යාපනය පුස්තකාලය ගිනි තිබ්බා. ජනමත විචාරණයක් පවත්වා මැතිවරණය දූෂණය කර පාර්ලිමේන්තු මැතිවරණය වසර හයකින් කල්දමනවා. අසූතුනේ කළු ජූලිය නිර්මාණය කර වාමාංශික පක්ෂ තහනම් කරනවා. නීතිය අවභාවිතාවේ යොදවනවා. සිරදඬුවම් ලබමින් සිටි ගෝනවල සුනිල් වැනි පාතාලයන්ට ජනාධිපති සමාව දී නිදහස් කර සාමවිනිසුරුවන් කරනවා.

අදත් මේකම නෙවෙයිද සිදුවන්නේ? ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වෙන විට තිබුණේ විධායක ජනාධිපතිධුරයේ කප්පාදු කළ බලයක්. ඒත් ඔහු බලයට පත්වූ පසු ව්‍යවස්ථා සංශෝධනයක් හරහා යළි තිබුණාටත් දැඩි ඒකාධිපති බලයක් නිර්මාණය කරගන්නවා. අධිකරණය, පාර්ලිමේන්තුව, පොලිසිය මුළුමනින්ම තමන් යටතට පත්කර ගැනීමේ බලය ලබා ගන්නවා. මහාධිකරණයෙන් මරණ දඬුවම් හිමිවූ අය පාර්ලිමේන්තුවට

ගේනවා නීති සම්පාදනය කරන්න. එදා ගෝනවල සුනිල් අද චොකා මල්ලිලා. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ඝාතනය කිරීමේ වරදට රිමාන්ඞ්

බන්ධනාගාරගතව සිටින අයෙක් ලංකාවේ පළමු වතාවට දිස්ත‍්‍රික් සංවර්ධන සභා සභාපති කරනවා. අද පිල්ලෙයාන් රිමාන්ඞ් බන්ධනාගාරයේ සිට ගොස් දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ලෙස රැුස්වීම් කැඳවනවා. ගොඩනැගිලි විවෘත කරනවා. උත්සව වලට සම්බන්ධ වෙනවා. මාධ්‍ය සාකච්ඡුා පවත්වනවා. ඒ ඔක්කොම කරලා ?ට යනවා බන්ධනාගාරයට. අද ගෝඨාභයගේ නීතිය යටතේ රිමාන්ඞ් සිරකරුවන් නිදැල්ලේ සැරිසරනවා.

එදා ජේ. ආර්. පාලන කාලයේ විනිසුරුවන්ට ගල්ගැහුවා. අද අල්ලස් කොමිසමෙන් දූෂණ චෝදනා යටතේ මහාධිකරණයේ නඩු පවරා ඇති අය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පුටුවේ වාඩි කරවනවා. මූල්‍ය අපරාධකරුවන් රාජ්‍ය මුදල් වංචාකළ රතු වරෙන්තුකරුවන් අද මහාභාණ්ඩාගාරයේ මුදල් හසුරුවන්නන් බවට පත්කර තිබෙනවා. ජනතා මුදල් නාස්ති කරමින් විගඩම් කාර ජනාධිපති කොමිෂන් සභා පත්කර තිබෙනවා.

එදා ජේ. ආර්. පාලනය යටතේ  අනුගමනය කළ විදෙස් ප‍්‍රතිපත්තිය නිසාත් ඉන්දියාවේ බලහත්කාරිත්වයත් නිසා ඇමරිකාවට ගැති පාලනයක් බිහිවුණා වගේම ඉන්දියාවෙන් ආක‍්‍රමණශීලිව බලපෑම් කරන එයට යටත්වූ රාජ්‍යයක් බවට පත් වුණා. ඉන්දියන් ආදිපත්‍යයේ ගිලටීනයේ සිරවී තිබූ මාතෘභූමිය එයින් නිදහස්  කරගැනීමේ සටන තමයි ඒ අරගලය තමයි එදා අපේ සහෝදරයින් දියත් කළේ.

අදත් ඇක්සා ගිවිසුම හරහා අපේ රට ඇමරිකානු හමුදාවට කැමති ලෙස මේ රටේ කටයුතු කිරීමේ නිදහස හිමිව තිබෙනවා. ඔවුන්ට යටිතල පහසුකම් සැපයීමට අපි බැඳීසිටිනවා. විටෙක ගෝඨාභය රාජපක්ෂත් විටෙක රනිල් වික‍්‍රමසිංහත් මේ ගිවිසුම් අත්සන් කර ඉදිරියට ගෙනත් තිබෙනවා. සෝෆා ගිවිසුම හරහා ඒ බලය තවත් වැඩිකරනවා. එය අත්සන් කරනවාද නැද්ද යන්න තවම රටේ නායකයින් පවසා නැහැ. එම්සීසී ගිවිසුම හරහා අපේ රටට සිදුවන්නට යන හානිය ගැන එය අධ්‍යයනය කිරීමට පත්කළ කමිටුවත් පෙන්වා දී තිබියදීත් තවමත් ආණ්ඩුව ඒ ගැන තීන්දුවක් නොගෙන කැරකෙමින් ඉන්නවා.

කොළඹ දකුණ වරායේ එක කොටසත් මීට පෙර මහින්ද රාජපක්ෂ පාලනය විසින් චීනයට දුන්නා. එහි නැගෙනහිර ජැටිය ඉන්දියානු සමාගමකට දෙන්න උත්සාහ කරනවා. කොළඹ නගරයේ බොරැුල්ල, පෑලියගොඩ, ඇතුළු හඳුනාගත් ස්ථාන පහක හෙක්ටයාර් එකසිය පනහකට අධික භූමි ප‍්‍රමාණයක් සමාගම් වෙත පවරන්න කටයුතු කරමින් සිටිනවා.

ආර්ථිකයේ ස්වාධීනත්වය පිළිබඳ ප‍්‍රශ්නයක් එදා ඇතිවුණා. වතු පෞද්ගලිකරණය කළා. කර්මාන්ත පද්ධතිය බිඳ දැම්මා, නිෂ්පාදන ආර්ථිකය කඩා දැම්මා. එහි ප‍්‍රතිඵල ලෙස පේෂකර්මාන්ත ශාලා වැහෙන්න ගත්තා. සීනි කර්මාන්ත ශාලාව වැහුණා. යකඩ කර්මාන්ත ශාලාව වැහුණා. පොහොර කර්මාන්ත ශාලාව වික්කා. තුනී ලෑලි කර්මාන්ත ශාලාව වැහුණා. කිරිපිටි කර්මාන්ත ශාලාව වික්කා. මෙහෙම ගමනක් තමයි එදා ගියේ. බහුජාතික සමාගම්වල ආධිපත්‍යයට අපේ රට නතු කළා. මේවා තමයි එදා අරගලයට පාදක වුණේ. අදත් එලෙසමයි. ඩොලර් කෝටි හයසීය ඉක්මවන ණය වාරිකයක් අපිට ගෙවන්න සිදුව තිබෙනවා. ඒ වෙනුවෙන් නැවත නැවත අධික පොලියට ණය ගනිමින් ණය උගුලක රට සිරකර තිබෙනවා. මෙයට තිබෙන පිළිතුරු බවට පත්ව තිබෙන්නේ යළි යළිත් ණය වීම හා සම්පත් විකිණීමයි. එය තමයි දැන් සිදුවෙමින් තිබෙනවා.

මේ සියල්ල තුළ පීඩාවට පත්ව තිබෙන්නේ පහළ පන්තියේ ජනතාවයි. අද කොවිඞ් වසංගතය හරහා විද්‍යමාන වන්නේත් එයයි. කොවිඞ් වසංගතය ස්වභාවිකයි. එහෙත් එයින් ඇතිකරන ව්‍යසනය ස්වභාවික නැහැ. එසේ නම් දැන් කරන්න තිබෙන්නේ කුමක්ද? මේවාට එරෙහිව සටන් කිරීමයි. එදාටත් වඩා වැඩියෙන් නව පන්නයේ ජාතික විමුක්ති ව්‍යාපාරයක් අවශ්‍ය කරනවා. ඒ සඳහා අපට අර්බුදය ගැඹුරුකර තිබෙනවා වගේම පහසුකම් වැඩි තත්ත්වයක් යටතේ අපට ඒ අරගලය දියත් කළ හැකිව තිබෙනවා. ඒ සඳහා අපට එදා දිවිදුන් වීරවරුන් වීරවරියන්ගෙන් ආදර්ශ ලබාගත යුතුව තිබෙනවා. විශාල අරගල මාවතකට අප ප‍්‍රවිෂ්ඨ විය යුතුයි. ඒ සඳහා ඔබ සියලූ දෙනාටම ආරාධනා කරනවා.

Rate this item
(0 votes)