April 20, 2024

2021 අයවැය පාර්ලිමේන්තුවට - අයවැය යෝජනා මෙන්න UPDATES

November 17, 2020

2021 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව ණය ලබාගැනිම සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීම සඳහා අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය වන මහින්ද රාජපක්ෂ මහතා විසින් මේවන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටියි.

2021 අයවැය යෝජනා

4:51 PM -2021 දී අපේක්ෂිත ආර්ථික වර්ධන වේගය සියයට 5.5 ක් වෙනු ඇත. 2021 ජනවාරි සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සංග්‍රහය හඳුන්වා දෙනවා. 2025 දී අය වැය හිඟය සියයට 4ක් බවට පත් කරනවා.

4:49 PM -රාජ්‍ය ආදායම - රුපියල් බිලියන 1961
              රාජ්‍ය වියදම රුපියල් බිලියන 3525
              අයවැය හිඟය - රුපියල් බිලියන 1564

4:48 PM -මෙය කඩා වැටුණු ආර්ථිකයක් ගොඩනැඟීමට ඉදිරිපත් කර ඇති සංවර්ධන අයවැයක්. ආයෝජන අවස්ථා රාශියක් ඇති සංවර්ධන අයවැයක්.

4:48 PM -2021 ආර්ථික වර්ධන වේගය වැඩිකිරීමට අවධානය.

4:44 PM -ප්‍රාදේශීය සභාවල කැලිකසල ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා රුපියල් මිලියන 3000ක් වෙන්කරයි.

4:43 PM -ප්‍රාදේශීය සභාවල මාර්ග නඩත්තුව ඇතුළු පහසුකම් සැපයීමට රුපියල් මිලියන 3000ක් වෙන්කිරීමට පියවර.

4:42 PM -අලිවැට ඇතුළු ආරක්ෂණ වැඩපිළිවෙල සඳහා රුපියල් මිලියන 3000ක් වෙන්කරයි.

4:41 PM -මැටි පිත්තල ලී කැටයම් නිෂ්පාදන ගම්මාන සඳහා රුපියල් මිලියන 2500ක් වෙන්කරයි.

4:40 PM -ග්‍රාමීය රෝහල් සංවර්ධනයට රුපියල් මිලියන 5000ක් වෙන්කිරීමට පියවර.

4:39 PM -ගම සමග පිළිසඳර රජයේ වැඩපිළිවෙලේ ග්‍රාමීය ජනතාව ඉල්ලා සිටි සංවර්ධන සුභසාදන ඉල්ලීම ඉටුකිරීමට විශේෂ අවධානය.

4:38 PM -ග්‍රාමීය ජනතාවගේ ඉල්ලීම අනුව එම සංවර්ධන කටයුතු සඳහා විශේෂ අවධානය.

4:37 PM -සතොස සුපිරි වෙළඳ සල් නාගරික හා ග්‍රාමීය වශයෙන් පුළුල් කිරීමට පියවර.

4:36 PM -සමෘද්ධි ලාභී කාන්තාවන් අතරින් තෝරාගත් කාන්තාවන් 25000කට ග්‍රාමීය වෙළඳසල් පිහිටුවීමට අවසර.

4:35 PM -කාන්තාවන් සහ පිරිමින් සඳහා විශ්‍රාම ගන්නා වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට පියවර.

4:35 PM -බහුතර සේවකයන් පිරිසකට අදාළ පරිදි දායක විශ්‍රාම වැටුපක්.

4:33 PM -විනාශයට ලක්වූ කැලෑ යුද හමුදාවේ සහය ඇතිව යළි වනාන්තර බවට පත්කිරීමට පියවර.

4:32 PM -වැලි ගොඩදැමීම නියාමනයට රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන්කරයි.

4:32 PM -එක්වරක් පමණක් භාවිත කළ හැකි ප්ලාස්ටික් පොලිතීන් තහනම් කිරීමට පියවර.

4:29 PM -මාණ්ඩලික රාජ්‍ය සේවකයන්ට රාජකාරී වේලාවෙන් පසුව වෙනත් රැකියාවල නිරතවීමට අවසර ලබාදීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

4:28 PM -රාජ්‍ය සේවකයන්ට සූර්ය බල පහසුකම් ලබාදීමට ණය ක්‍රමයක්.

4:28 PM -සංවෘත රාජ්‍ය සේවයට අනුව රාජ්‍ය සේවකයන් තම ගම් ප්‍රදේශවලට අනුයුක්ත කිරීම මගින් සේවක කාර්යක්ෂමතාව වැඩිකිරීමට පියවර.

4:27 PM -පෞද්ගලික ව්‍යාපාර කළමනාකරණයට විශේෂ අවදානය.

4:24 PM -විසිවන ව්‍යස්ථා සංශෝධනය හරහා උපරිමාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩිකිරීමට හැකිවීම හේතුවෙන් වසර ගණනාවකට පසු මහාධිකරණයේ ගොඩගැසී ඇති නඩු විශාල සංඛ්‍යාවක් අවසන් කිරීමට කඩිනම් පියවර ගතහැකි වීම පිළිබඳව අගමැතිවරයාගේ ස්තූතිය.

4:23 PM -අධිකරණයේ විනිශ්චයකරුවන් සහ කාර්යමණ්ඩලය වැඩිකිරීමට රුපියල් මිලියන 20000ක ප්‍රතිපාදන වෙන්කරයි.

4:22 PM -ETI තැන්පත්කරුවන් පීඩාවට ලක්වීමට හේතුවූ වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව නීතියමය පියවර ගැනීමට කටයුතු කිරීමට විශේෂ අවධානය.

4:21 PM -මහබැංකුවේ, බැංකු නොවන මූල්‍ය සමාගම් අධීක්ෂණයට ඇති ආයතනය ප්‍රතිසංවිධානය කිරීමට පියවර.

4:15 PM -අඩු ආදායම් ලාභීන්ට නිවාස ලබාගැනීමට වසර 25කට සියයට 6.5ක අනුපාතිකයකට ණය යෝජනා ක්‍රමයක්.

4:15 PM -ඉදිකිරීම් කර්මාන්තයේ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ ආයෝජකයන්ට බදු සහන ලබාදීමට පියවර.

4:14 PM -රාජ්‍ය ඉදිකිරීම් කර්මාන්තකරුවන්ට මූල්‍ය සහන

4:13 PM -ගල් වැලි පස් ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍ය කැනීම් මධ්‍යස්ථාන මාර්ග සංවර්ධන අධිකාරිය යටතට පැවරීමට පියවර.

4:12 PM -ඉදිකිරීම් කර්මාන්තය සඳහා ලබාගත යුතු ආයතනික බලපත්‍ර සරල කෙරේ.

4:11 PM -මෝටර් රථ කර්මාන්තයේ නියැලෙන්නන් දිරිමත් කිරීමට අමතර කොටස් බදු අඩුකිරීමට පියවර.

4:09 PM -රජයේ ඉදිකිරීම් අංශයේ ආයතන වෙත රජයේ ඉදිකිරීම් පැවරීමට අවදානය.

4:08 PM -පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් අඩුකරගැනීමට යෝජනා රැසක්.

4:07 PM -ද්විපාර්ශවික ගිවිසුම් සමාලෝචනය කර දේශීය ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයට පියවර ගැනීමට අවධානය.

4:05 PM -විදේශ ආර්ථික සම්බන්ධතා ඔස්සේ විදේශ රැකියාවල නිරතවන්නන්ගේ අභිලාෂයන් ඉටුවන ආකාරයට ප්‍රතිසංවිධානය කිරීමට පියවර.

4:04 PM -දේශීය බෝට්ටු හා නැව් නිෂ්පාදනයට වසර 7ක බදු විරාමයක්.

4:04 PM -අදාළ ඛනිජ කර්මාන්ත දියුණු කිරීමට රුපියල් මිලියන 2000ක් වෙන්කිරීමට යෝජනා කරයි.

4:03 PM -මිනිරන් ආදී සැඟවුණු කර්මාන්ත ඉහළ අපනයන කර්මාන්ත ලෙස දියුණු කිරීම.

4:02 PM -දේශීය හා විදේශීය ඇඟලුම් නිෂ්පාදන සඳහා කර්මාන්ත සඳහා ආනයනය ලිහිල් කළ සහන රැසක්.

4:01 PM -නිෂ්පාදන ආර්ථිකය දියුණු කිරීමට පියවර රැසක්.

4:01 PM -දේශීය නිෂ්පාදනයට අදාළ සෙස් බදු ක්‍රියාත්මක කිරීම.

4:00 PM -තුලනාත්මක වෙළඳ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට පියවර.

3:59 PM -අපනයන ඉලක්ක ජයගැනීමට නව විදේශ තානාපතිවරු යෙදවීමට පියවර.

3:58 PM -අපනයන සඳහා විදේශ රටවල්වල සහයෝගය ලබාගැනීමටත් අපනයන භාණ්ඩ නිෂ්පාදනය සඳහා දියුණු රටවල ඇති උසස් තාක්ෂනය භාවිත කිරීමටත් අවශ්‍ය පියවර ගැනීමට අවධානය.

3:57 PM -නව පානීය ජල ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 75ක් ලබාදීමට පියවර.

3:56 PM -අලුතින් පවුල් ලක්ෂ 35කට ජලය ලබාදීමට පියවර.

3:55 PM -සමස්ත රටේම පානීය ජලය ලබාදීමට ව්‍යාපෘති 1000ක් සකස් කිරීමට පියවර.

3:54 PM -දිස්ත්‍රික්ක 21ක කුඩා වැව් ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 1000ක්.

3:53 PM -ගිං නිල්වලා මල්වතු ඔය ජල යෝජනා කඩිනමින් නිම කිරීමට අයවැය ප්‍රතිපාදන වෙන්කරයි.

3:52 PM -උමා ඔය ව්‍යාපෘතිය ආශ්‍රිත බලාගාර කඩිනමින් නිම කිරීමට පියවර.

3:51 PM -ග්‍රාමීය විදුලි බලය සැපයීම සඳහා රුපියල් මිලියන 750ක මුදලක් වෙන්කරයි.

3:50 PM -ආගමික ස්ථාන රාජ්‍ය ආයතන ඇතුළු ස්ථාන රැසක පියසි මත සූර්ය විදුලි ජනන පද්ධති සකස්කිරීමට පියවර.

3:49 PM -නිවාස ලක්ෂයකට සූර්ය බල කට්ටල.

3:48 PM -පුනර්ජනනීය බලශක්තිය හරහා ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 1000ක ධාරිතාවක් එක්කිරීමට පියවර.

3:47 PM -2023 වනවිට විදුලිය සඳහා දරණ අධික පිරිවැය අඩුකර ව්‍යාපාර ආර්ථිකය දියුණු කිරීමට පියවර.

3:46 PM -විදුලි බලාගාර රැසක් ඉදිකිරීමට යෝජනා කෙරේ.

3:45 PM -තේ වතු කම්කරු දෛනික වැටුප ජනවාරි සිට රුපියල් 1000 දක්වා වැඩි කිරීමට යෝජනා කරයි. එම වැටුප ගෙවීමට නොහැකි සමාගම් ගිවිසුම් වෙනස්කිරීමට අදාළ නීති සංශෝධනය කිරීමට විශේෂ අවධානය.

3:42 PM -ඉහල වටිනාකමක් ඇති ශ්‍රී ලංකා සන්නාමය සතු තේ වගාව වැඩිදියුණු කර මූලික යටිතල පහසුකම් සැපයීමට අවදානය.

3:41 PM -වැවිලි සංස්කෘතිය වැඩිදියුණු කර තේ පොල් රබර් කුරුඳු පුනර්ජීවනය සහ විවිධාංගීකරණය කිරීමට පියවර.

3:39 PM -කජු සංස්ථාව සතු අක්කර 6500ක ඉඩම් ප්‍රමාණයක අලුතින් කජු වගා කිරීමට අවධානය.

3:38 PM -කන්තලේ, බදුල්ල, මොණරාගල උක් වගාකරුවන්ට සහන රැසක්.

3:38 PM -පොල් ඉඩම්වල ඵලදායීතාව වැඩිදියුණු කිරීමටත් පුරන් කුඹුරුවල පොල් හා තැඹිලි වගාවට අවසර ලබාදීමටත් පියවර.

3:37 PM -තේ වගාව සඳහා වැඩිදියුණු කිරීමට විශේෂ අවධානයක්.

3:36 PM -ධීවර සංස්ථාව පූර්ව ප්‍රතිසංවිධානයට රුපියල් මිලියන 500ක අතිරේක ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා.

3:36 PM -මත්ස්‍ය ගොවිපොළ කලාප සංවර්ධනයට රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන.

3:34 PM -කිරි ගවයන්ගේ කිරි අස්වැන්න වැඩි කිරීමට විශේෂ ක්‍රියාමාර්ග රැසක්.

3:34 PM -කිරි නිෂ්පාදනය සහ ගොවිපොළ දියුණු කිරීමට ලක්ෂ 5ක වාර්ෂික සහන ණයක්.

3:32 PM -බෝපත්තලාව සහ රිදීගම ගොවිපොළවල් ගව අභිජනන මධ්‍යස්ථාන ලෙස දියුණු කිරීමට පියවර.

3:32 PM -එළවලු පලතුරු කල්තබා ගතහැකි ශීතාගාර පහසුකම් වැඩිදියුණු කිරීමට පියවර.

3:31 PM -කහ ඉඟුරු ආනයන තහනම අඛණ්ඩව පොල් රබර් ඉඩම්වල කහ ඉඟුරු බෝග වගාවට පියවර.

3:31 PM -කෘෂි නිෂ්පාදනයේ අතිරික්තයක් නිර්මාණය කර තොග පවත්වාගෙන කෘෂි නිෂ්පාදන ආනයන සීමා කිරීමට ගත් තීරණය අඛණ්ඩව.

3:30 PM -කෘෂිකර්මාන්තයේදී කාබනික පොහොර සඳහා විශේෂ අවධානය.

3:29 PM -අනෙකුත් බෝග සඳහා රුපියල් 1500ක සහන මිලට පොහොර ලබාදීමට රජය තීරණය කරයි.

3:28 PM -සහල් බඩ ඉරිඟු ඇතුළු ධාන්‍ය වර්ග සඳහා සහතික මිලක්.

3:26 PM -විදේශ රැකියා සඳහා නිපුණතාවයෙන් යුතු පුහුණු ශ්‍රමිකයන් යැවීමට සහ විදේශ වෙළඳපොළ විවිධාංගිකරණය ට අවධානය.

3:23 PM -පුරාවිද්‍යාව සඳහා රුපියල් මිලියන 250ක අතිරේක ප්‍රතිපාදන වෙන්කරයි.

3:22 PM -සංචාරක ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම සඳහා ලබාදුන් ප්‍රතිමූල්‍ය සහන ණය අය කිරීම 2020 සැප්තැම්බර් 31 දක්වා දීර්ඝ කර තිබෙනවා.

3:21 PM -නාගරික ඇවිදින මංතීරු සඳහා රුපියල් මිලියන 2000 ක් වෙන්කර තිබෙනවා.

2:42 PM -තේ පැන් සංග්‍රහය හා සම්බන්ධවීම සඳහා අයවැය කියවීම මිනිත්තු 30ක් සඳහා කල්තැබේ.

2:41 PM -ක්‍රීඩා සංවර්ධනය සඳහා විශේෂ අවධානය යොමුව ඇති අතර කෘතීම ධාවන පඨ සහිත ක්‍රීඩා පාසල් 10ක් ද ගොඩනැගීම සඳහා විශේෂ අවධානය යොමුකර තිබෙනවා.

2:40 PM -නේවාසික නොවන නගර විශ්වවිද්‍යාල ඉදිකිරීමට යෝජනා කරමින් ඒ සඳහා රුපියල් මිලියන 1000ක් වෙන්කරයි.

2:39 PM -වෛද්‍ය, ඉංජිනේරු විශ්වවිද්‍යාල පහසුකම් පුළුල් කිරීමට පියවර.

2:35 PM -වෘත්තීය අධ්‍යාපනය අවසන් කරන සිසුන් සඳහා රුපියල් ලක්ෂ 5ක නායක සියයට 4ක පොලී අනුපාතිකයට ලබාදීමට පියවරගෙන ඇති අතර එය නැවත ගෙවීම සඳහා වසරක සහන කාලයක් ලබාදෙන අතර ඒවා වසර පහක් සඳහා අදායම් බදුවලින් නිදහස් කිරීමට පියවර.

2:34 PM -මසකට රුපියල් 4000ක ශිෂ්‍යාධාර වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන් වෙත ලබාදීමට මුදල් වෙන්කෙරේ.

2:35 PM -වෘත්තීය අධ්‍යාපනය සඳහා බඳවාගන්නා සිසුන් ලක්ෂ දෙකක් දක්වා වැඩි කිරීමට පියවර.

2:34 PM -තොරතුරු තාක්ෂනය ඉංග්‍රීසි අධ්‍යාපනය කාර්මික දැනුම සහිත සිසුන් බිහි කිරීම ප්‍රධාන අරමුණක් වී තිබෙනවා.

2:34 PM -තරුණ තරුණියන් ආකර්ෂණය වන පරිදි තාක්ෂණ විද්‍යාල නවීකරණය කිරීමට පියවර.

2:33 PM -දරුවන්ගේ දුෂ්කරතා අවම කර දුෂ්කර පාසල් සඳහා රූපවාහිනී ලබාදීමට සහ ගුරුගෙදර අධ්‍යාපන සියලු සිසුන් වෙත ලබාදීමට පියවර.

2:32 PM -පාසල්වලට අන්තර්ජාල සේවා පුළුල් කිරීමට පියවර

2:31 PM -ළදරුවන් සහ ගැබිණි මව්වරුන් සඳහා ත්‍රිපෝෂ අඛණ්ඩව නොකඩවා ලබාදීමට පියවර.

2:30 PM -ත්‍රිපෝෂ නිෂ්පාදනය වැඩිකිරීමට රුපියල් මිලියන 1500ක අතිරේක ප්‍රතිපාදන.

2:30 PM -නවීන ආයෝජන කලාපයක් ආරම්භ කිරීමට පියවර.

2:29 PM -කොඩිඩ් රක්ෂණ යෝජනා ක්‍රමයක් පිහිටුවා ඉන් සියලු සේවකයන් ආවරණය කිරීමට පියවර.

2:28 PM -කොරෝනා වසංගත තත්ත්වය සමඟ දිවයින පුරා විහිදී ඇති සෞඛ්‍ය සේවා සපයන ස්ථාන කාර්ය මණ්ඩලය පුළුල් කිරීමට රුපියල් මිලියන 18000ක අතිරේක ප්‍රතිපාදන.

2:27 PM -පොදුජනතාවගේ සෞඛ්‍ය සඳහා කෙරන ආයෝජනය වැඩි කිරීමට පියවර.

02:27 PM -ප්‍රදේශ කිහිපයක තාක්ෂණික උද්‍යාන දියුණු කිරීමට පියවර

02:26 PM -තාක්ෂණික ව්‍යවසාය ආර්ථිකයක් ඉදිරි වසර දෙක තුල.

02:25 PM -දුරකථන සංවර්ධන ගාස්තුවලින් එම සේවා සංවර්ධනයට සියයට 50ක මුදලක් වෙන්කරයි.

02:24 PM -දුරකථන සැපයුම්කරුවන්ට සන්නිවේදන කුළුණු පහසුකම් වැඩිකිරීමට අවධානය යොමුකර තිබෙනවා.

02:23 PM -ගමට සන්නිවේදනය සඳහා ටෙලිකොම් සංවර්ධන අරමුදලට රුපියල් මිලියන 15000ක් වෙන්කෙරේ.

02:22 PM -තාක්ෂණික ව්‍යවසාය පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 8000ක මුදලක් වෙන්කර තිබෙනවා. 

02:21 PM -පොලිස් මුර සංචාර කටයුතු පුළුල් කිරීමට සහ ආරක්ෂක රථ යෙදවීම සහ විශේෂ පියවර රැසක් සඳහා රුපියල් මිලියන 2500ක අතිරේක මුදලක් වෙන්කෙරේ.

02 :19 PM -රණවිරුවන් සඳහා පහසුකම් සැපයීමට රුපියල් මිලියන 750ක මුදලක් වෙන්කෙරේ.

02:18 PM -ධීවර ප්‍රජාව ආරක්ෂා කිරීමටත් ඉන්දියානු සාගරයේ ආරක්ෂාව සැපයීම සඳහා රජයේ විශේෂ අවධානය.

02:17 PM -ආයෝජන දිරිගැන්වීම් සඳහා අක්වේරළ සමාගම් සඳහා ගුදම් පහසුකම් සැපයීමේදී බදු සහන ලබාදීමට විශේෂ අවධානය.

02:17 PM -අපනයන වෙළඳපොළ ආයෝජන සඳහා වසර 10ක උපරිමයකට යටත් බදු සහනයක්.

02:16 PM -කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත සමාගම් සඳහා විශේෂ බදු සහනයක්.

02:16 PM -නිත්‍ය නිවාස වෙළඳපොළ දිරිගැන්වීමට අවශ්‍ය විශේෂ බදු අඩුකිරීමක්.

02:15 PM -පුද්ගලික ඉතිරිකිරීම් දිරිගැන්වීමට විශේෂ පියවර.

02:15 PM -සමෘද්ධිලාභීන්ට සමෘද්ධි ජීවිත ඉතිරිකිරීම් නම් නව ගිණුමක් විවෘත කර ඒවාට සමෘද්ධි ප්‍රධානයන් තැන්පත් කිරීමට පියවර.

02:14 PM -නීතිවිරෝධී උපදෙස් ලබාදෙන බදු උපදේශන සේවා අවලංගු කර හැකි නව නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීමට තීරණය කරයි.

02:14 PM -මේ වනවිට භූ දේශපාලනික වශයෙන් අප රට ලොවටම වැදගත්කම වී තිබෙනවා.

02:13 PM -කොරෝනා ඇතුළු බෝ නොවන රෝගවලින් ජනතාව ආරක්ෂා කිරීම රජයේ ප්‍රධාන අරමුණයි.

02:13 PM -අධ්‍යාපන ක්‍රමය වෙනස්කරන ප්‍රතිසංස්කරණ සඳහා රජයේ ප්‍රමුඛ අවධානය.

02:12 PM -සමාජයේ ආරක්ෂාව රජයේ මූලික වගකීමක්.

02:12 PM -කෘෂිකර්මය මුල්කරගත් නිෂ්පාදන ආර්ථිකය ගොඩනැගීම රජයේ අරමුණ වී තිබෙනවා.

02:11 PM -බිම් මට්ටමේ කටයුතුවලට මුල්තැන දෙන ජනතා කේන්ද්‍රීය රාජ්‍ය සේවයක් අවශ්‍ය බව මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

02:11 PM -පවත්නා නීති හා ආයතනික ව්‍යුහය ප්‍රතිසංස්කරණය විය යුතු බව මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

02:10 PM -රජයේ වියදම සහ ආදායම අතර ඇති පරතරය සියයට 9 සිට 4 දක්වා අඩුකරගැනීම මූලික අරමුණක් වී තිබෙනවා.

02:10 PM -දේශීය නිෂ්පාදන වලට වටිනාකමක් එක්වන පරිදි අපනයන විවිධාංගීකරණය කිරීමට මූලික අවධානය.

02:09 PM -විදේශ ණය මගින් ක්‍රියාත්මක වැඩසටහන් දේශීය අවශ්‍යතාවලින් දුරස්ථ වී ඇති බවක් දැකිය හැකියි.

02:09 PM -විදේශ ණය අරමුදල් හඳුනාගත් සුවිශේෂී සංවර්ධන ව්‍යාපෘති සඳහා යොමුකිරීමට අවධානය යොමුව තිබෙනවා.

02:08 PM -තරුණ තරුණියන්ට නව ව්‍යාපාර ආරම්භ කිරීමට සහ ගොවිපොළ සංවර්ධන සඳහා මුදල් වෙන්කිරීමට කටයුතු කර තිබෙනවා.

02:08 PM -විදේශ ණය ප්‍රමාණය මිලියන 1600ක් පමණ වනවා.

02:07 PM -විදේශ සංවර්ධන ව්‍යාපෘතිවලදී කාර්යාල සහ විදේශ උපදේශක වියදම් අඩුකිරීමට අපේක්ෂාව වී තිබෙනවා.

02:07 PM - රජයේ වත්මන් බදු ප්‍රතිපත්තිය නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය.

02:06 PM - මත්පැන් දුම්වැටි සඳහා විශේෂ භාණ්ඩ සේවා බද්දක් පැනවීමට රජය තීරණය කරයි.

02:05 PM - තරුණ තරුණියන්ට නව ව්‍යාපාර ආරම්භ කිරීමට සහ ගොවිපොළ සංවර්ධන සඳහා මුදල් වෙන්කිරීමට කටයුතු කර තිබෙනවා.

02:05 PM - බැංකු හා මුල්‍ය පද්ධතිය ප්‍රතිසංස්කරණය කළ යුතුය. විදේශ ඉපැයිම් වැඩි කළ යුතුයි.

02:04 PM -විදේශ ණය ප්‍රමාණය මිලියන 1600ක් පමණ වනවා.

02:03 PM - විදේශ සංවර්ධන ව්‍යාපෘතිවලදී කාර්යාල සහ විදේශ උපදේශක වියදම් අඩුකිරීමට අපේක්ෂාව වී තිබෙනවා.

02:02 PM - නිදහස් සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපනය තවදුරටත් පුළුල් කරනවා

02:02 PM - සියයට 6 ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යාමට අපේක්ෂා කරනවා

01:53 PM - පවත්නා නීති සහ ආයතනික ව්‍යූහය ප්‍රතිසංස්කරණය විය යුතුයි

Rate this item
(5 votes)
Last modified on Wednesday, 18 November 2020 11:39