April 20, 2024

සති තුනකට කොළඹ මහනගර සභා බලප්‍රදේශය වසා දමන්න - නගරාධිපතිනිය ඉල්ලයි

November 17, 2020

කොළඹ නගරය අවම වශයෙන් සති තුනක කාලයක් හුදකලා කළ යුතු බව කොළඹ මහනගර සභා නගරාධිපති රෝසි සේනානායක මහත්මිය පවසයි.

දැඩි සංචරණ සීමා දමමින් නගරය දැඩි පාලනයකට යටත් කර කිසිදු පුද්ගලයෙකුට නගරය තුළට පැමිණීම තහනම් කළ යුතු බව නගරාධිපතිනිය සදහන් කරයි.

එමෙන්ම හුදකලා කළ ප්‍රදේශවලින් පිටවීමට කිසිදු පුද්ගලයෙකුට අවසර නොදෙන ආකාරයේ දැඩි පාලනයක් නොකළහොත් ව්‍යසනයකට මුහුණදීමට සිදුවන ඇතැයි කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය පවසයි.

එලෙස දැඩි තීරණය නොගතහොත් රටේ අනෙකුත් ප්‍රදේශවලට ද වෛරසය ව්‍යාප්ත විය හැකි බව නගරාධිපතිනිය සදහන් කරයි.

"කොවිඩ් සමග ජීවත්වෙනවා කියන්නේ කොවිඩ් දෙවන රැල්ල සමග ජීවත්වෙනවා කියන එක නෙමෙයි. කොවිඩ් සමග ජීවත්වෙන්න නම් දෙවැනි රැල්ල අනිවාර්යෙන් පාලනය කළ යුතුයි. අපි දැඩි සංචරණ සීමා දාලා නගරය දැඩි පාලනයකට යටත් කරලා කිසිකෙනෙකුට නගරයට ඇතුළු නොවන විදිහටත් කිසිකෙනෙකුට හුදකලා කරපු තැන්වලින් එළියට බහින්න බැරිවෙන විදිහට දැඩි පාලනයක් යටතේ මේක පාලනය කරේ නැත්නම් ලොකු ව්‍යවසනයකට අපිට මුහුණ දෙන්න සිදුවෙනවා. ඊයේ මට්ටක්කුලිය ප්‍රදේශයේ සමහර තැන්වල නිරෝධායනයට ලක්කරපු පවුල්වල අය නිවෙසින් බැහැරව රැකියා ස්ථානවලට යනවා කියන එක අපිට හඳුනගන්න ලැබුණා. මරණ සංඛ්‍යාව එන්න එන්නම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ. කොළඹ නගර සභා සීමාව තුළ ජීවත්වෙන වයස්ගත පුද්ගලයින් සංඛ්‍යාව වැඩියි. ඒ අයව බේරගන්න පුළුවන්කමක් තියෙනවාද කියන එකත් අද ප්‍රශ්නයක්.  ගෙදරට වෙලා නිරෝධායනය වෙන්න කියලා කොච්චර කිව්වත් පැල්පත්වාසීන්ට එහෙම කරන්න අවකාශයක් නෑ. එහෙම කරන්න නම් මේ අවස්ථාවේ රජය විසින් දැඩි පාලනයකට යටත් කරමින් කටයුතු කළ යුතුයි. දින 14ක් දින 21ක් අතර කාලයක් ලොක්ඩවුන් කිරීමක් කරලා මේක පාලනය කළේ නැත්නම් භයානක තත්ත්වයක් ඇති වෙයි," යනුවෙන්ද කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැවසීය.

Rate this item
(0 votes)

Related items