April 25, 2024

කොරෝනා නිසා මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානයට කැබිනට් අනුමැතිය දුන්නා - ඇමති චමල්

November 12, 2020

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ දිවයිනේ යම් විශේෂ ප්‍රදේශයක භූමදානය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන් බව වාරිමාර්ග අමාත්‍ය හා අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

‘නියම කරල තියනවා. හැම තැනම නෙවෙයි යම්කිසි ප්‍රදේශයක. ඒක අමාත්‍ය මණ්ඩලය ගත්ත තීන්දුවක් ගිය සදුදා’ යයිද ඒ මහතා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ හම්බන්තොටදී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන්ට අදහස් පළ කරමිනි.

Rate this item
(0 votes)
Last modified on Friday, 13 November 2020 00:04