April 24, 2024

රිශාඞ් ගැනයි මල්ලී ගැන පරික්ෂණ කරපු පොලීසියේ 19ක් මාරු කරලා

November 12, 2020

රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා ගැන පරික්ෂණ කරපු පොලීස් නිලධාරීන් 19 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන ලෙස මාරු කර යවා ඇති බවට අද (12) දිනයේ දී පාර්ලිමේන්තු සැසිවාරයේ දී තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේය.

එයට පිළිතුරු දුන් මහින්දානන්ද අමාත්‍යවරයා කියා සිටියේ එලෙස කිසිදු නිලධාරියෙකු මාරු කර යවා නොමැති බවත් වගකීමෙන් කතා කරන ලෙසත් තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයාට ප්‍රකාශ කර සිටියේය. මෙම පරික්ෂණය පිළිබඳව ඔවුන්ද සොයා බලපු බවද අමාත්‍යවරයා කියා සිටියේය.

එහිදී දෙදෙනා අතර යම් උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර මහින්දානන්ද අමාත්‍යවරයා කියා සිටියේ ඔවුන් විපක්ෂයේ පිරිස් මෙන් රිශාඩ්ගෙන් කා නොමැති බවත්, ඒ ගැන සෙවීමට විපක්ෂයට වඩා ඔවුන්ට අවශ්‍යතාවය තිබෙන බවත්, ඒ පිළීබඳව සොයා බලන බවයි.

අසත්‍ය ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තුව නොමඟ නොයවන ලෙසද අමාත්‍යවරයා විසින් තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයාට ප්‍රකාශ කර සිටියේය.

එහිදී තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඒ සම්බන්ධව පිළිතුරු අවශ්‍යය නොවන බවත්, අදාළ ප්‍රශ්නයට පිළිතුරු ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

එම සංවාදය පහතින්,

Rate this item
(0 votes)