March 29, 2024

යාපනයේ පොකුණකින් පැරණි පිළිම හමු වෙයි

November 10, 2020

යාපනය වඩුක්කොඩ්ඩෙයි සංගානෙයි ප්‍රදේශයේ පිහිටි කෝවිලක් ආසන්නයේ තිබූ පොකුණක් තුල ඉතා පැරණි දේව පිළිමයක් ඇතුලු පිළිම කිහිපයක් තිබී ඊයේ (09) දින හමු වූ බවට මාණිප්පායි පොලීසිය පවසයි.

සංගානෙයි යුද හමුදා නිලධාරීන් පිරිසකට ලැබුනු තොරතුරකට අනුව සංගානෙයි නාගතම්බිරාන් හින්දු කෝවිල ආසන්නයේ තිබූ පොකුණක පතුලේ තිබූ අදාල දේව පිළිම තොගය හමු වී ඇත.

එහිදී හින්දු බක්තිකයින් විසින් වන්දනාවන්ට ලක් කරන මුරුගන් දෙවියන්ගේ පිළිමයක්, මුරුගන් දෙවියන්ගේ ආරක්ෂක මොණර පිළිම තුනක් සහ තවත් බඳුනක් සොයාගෙන ඇත.

අදාල පිළිම ඉතා වටිනාකමකින් යුතු පැරණි පිළිම තොගයක් බවටත් කිසියම් පුද්ගලයෙකු විසින් අදාල පිළිම සොරාගෙන විකිණිම සඳහා මෙම ස්ථානයේ සඟවන්නට ඇති බවට යුද හමුදාව සැක පලකර සිටියි.

සොයාගත් දේව පිළිම වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මාණිප්පායි පොලීසිය වෙතට භාර දීමට යුද හමුදා නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 10 November 2020 11:50