March 29, 2024

රෝගීන් බහුතරයකට රෝග ලක්ෂණ නෑ

November 09, 2020

ලංකාවෙන් හඳුනා ගන්නා රෝගීන් වැඩි පිරිසකට රෝග ලක්ෂණ පෙන්නුම් නොකරණ බව සහ ඔවුන්ගෙන් නොදැනුවත්වම තවත් අයකුට රෝගය සම්ප්‍රේෂණය කරන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

වැඩිදුරටත් අදහස් දක්වන වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ බොහෝ ප්‍රදේශ තුළ තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවත් සංචරණය සීමා කර රෝගය පාලනය කිරීමට කටයුතු කලයුතු බවයි.

ඇඳරි නීතිය ඉවත් කළත් රෝගීන් වාර්තා වෙන්නේ නෑ කියන්න බෑ. වශයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරනු ලැබීය.

වැඩිහිටි අය හා නිදන්ගත රෝග සහිත පිරිස් නිවෙස් වලම සිටින ලෙසත් නිවසකින් එක් අයකු පමණක් තම කටයුතු සිදුකර ගැනීමට බැහර වීම යෝග්‍ය බවත් සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 08 November 2020 19:31