March 28, 2024

වෛරසයට පිළියමක් සොයන තෙක් රට වසාගෙන සිටිය නොහැකියි : රට ඉදිරියට ගෙන යාමට සුදානම් වන්න – ජනපති

November 04, 2020

ඇඳිරි නීතිය පැනවීමෙන් පමණක් ජනතාව හැසිරවීම අඛණ්ඩව කළ නොහැකි බවත් ජන ජිවිතය, රටේ ආර්ථිකය සහ අන් සියලු පැතිකඩ සමබරව සැලකිල්ලට ගෙන අවබෝධයෙන් යුතුව තීරණ ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියි.

වෛරසය මර්දනයට පිළියමක් සොයා ගන්නා තෙක් රට වසා තැබිය නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිතුමා සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සියලු දෙනා දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සූදානම් විය යුතු බව ද ප්‍රකාශ කර සිටියහ.වෛරසය පාලනය සඳහා ඇඳිරි නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසද මෙහිදී ජනාධිපතිවරයා පොලීසියට උපදෙස් ලබා දුන්නහ.

කොරෝනා ව්‍යාප්තිය නිසා රට තුල ඇඳිරි නීතිය පැනවීමෙන් හෝ හුදෙකලා කිරිමෙන් දෛනික ආදායම් මත යැපෙන ජනතාවට මුහුණ පෑමට සිදුවන අපහසුතා ගැන තම අවධානය යොමුව ඇති බවත් වෛරසයෙන් ආරක්ෂාවී රටේ සාමාන්‍ය කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑමට සියලු දෙනා සුදානම් විය යුතු බවද මෙහිදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“නර්ස් කෙනෙක්ට ඇයි කොවිඩ් හැදෙන්න් නැත්තේ. එයාලා හරියට මුහුණු ආවරණය දානවා අත හෝදනවා. එයාලා වැඩිය කොවිඩ් රෝගීන් එක්ක ගත කළත් වෛරසය ආසාදනය නොවීමේ හේතුව මොකක්ද කියලා අනෙක් අයට පැහැදිලිව පෙන්වා දිය යුතු වනවා. මෙහෙම හරියට කළොත් රට ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන්, වැඩ කරන්න පුළුවන්. තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්, කර්මාන්ත ශාලාව විවෘත කරන්න පුළුවන්. මේ සියලු දේ සිදුකරන්න නම් පළමුව සිදුකළ යුතු යහපත් සෞඛ්‍ය කරුණු ගැන අවබෝධයෙන් සිටීම අවශ්‍යයි.

හරියට මුහුණු ආවරණය පළදින්න ඕන. අත් සෝදන්න අවශ්‍යයි. ඒ වගේම සමාජ දුරස්ථභාවය තබා ගත යුතුයි. උණක් ඇතිවුණාම වහාම ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්. ඒ සඳහා සුදුසු පියවර ගන්න ඕන. නිරෝධායනය වීම සහ පරීක්ෂණ සිදුකර ගැනීම සිදුකළ යුතුයි. ඒ සඳහා දුරකථන අංක හඳුන්වාදී තිබෙනවා. රට විවෘතව තබන්න මේ සියලු දේ සිදුකළ යුතුයි.

නමුත් මේවා මිනිස්සු අතරට හරියට ගිහිල්ලා නැහැ. ඇඳිරි නිතිය දැම්මොත් තමයි මිනිස්සු ගෙදරට වෙලා ඉන්නේ. එහෙම නැත්නම් එකක්වත් කරන්නේ නැහැ. සාමාන්‍ය තත්ත්වයෙන් රටක් දුවන්න පුළුවන්, නමුත් ජනතාව මේ ගැන අවධානයෙන් සිටින්න අවශ්‍යයි.

විශේෂයෙන් ස්වයං රැකියා සහ ව්‍යාපාර කරන අය හැමදාම මට කියන්නේ මෙහෙම රට වහගෙන තියන්න එපා කියලා. මොකද ඒ අයගේ ආර්ථිකය කඩා වැටෙනවා කියලා. මේ සියලු දෙනා දිනපතා මුදල් උපයලා ජිවත් වෙන අය.

රාජ්‍ය සේවකයින්ට, පුද්ගලික අංශයේ මාසික වේතනයක් ගන්න අයට ලොක් ඩවුන් කරනවා කියන කොට ගානක් නැහැ. නමුත් එදිනෙදා මුදල් උපයාගෙන ජිවත් වෙන අයට දවස් 10ක් රට වහලා තියෙනවා කිව්වම ඒ අයගේ ජිවිතයේ දවස් 10 උපයා ගත් මුදල ආපහු රැස්කර ගන්න අවුරුද්දක් ගතවෙනවා වෙන්න පුලුවන්.

ජනාධිපති, ඇමතිවරයා උනත්, දේශපාලඥයා උනත්, වෛද්‍යවරයා උනත් මේ ගැන පරීක්ෂණ කරන අය උනත් හැමකෙනෙක්ම සමස්තය ගැන හිතන්න ඕන. අපි සෑම පැත්තක් ගැනම හිතන්න ඕන. අපි රට විවෘත කරලා තබන්න ඕන. කොරෝනා තත්ත්වය පාලනය කරන්න ඕන. එහෙම නම් අපි මොනවාද කළ යුත්තේ.

තීරණ ගන්න අය මොනවාද කළ යුත්තේ, පරීක්ෂණ කරන අය මොනවාද කළ යුත්තේ, සාමාන්‍ය ජනතාව මොනවාද කළ යුත්තේ කියන එක සියලු දෙනාම සිතන්න ඕන. අපිට පාසැල් වහන්න කියන්න පුලුවන්, අපි බලන්න ඕන එයින් ඇතිවන බලපෑම කොහොමද කියලා හිතන්න ඕන.

කොයි තරම් කිව්වත් ඒ කරුණු පිළිනොපදින පුද්ගලයින් කිහිප දෙනෙක් අප සමාජයේ ඉන්නවා. ඒ අයවත් හරියට පාලනය කරගෙන, නිරෝධායන කටයුතු සහ පරීක්ෂණ කටයුතු නිසි ලෙස කරගෙන ගියොත් අපිට රට විවෘත කරගෙන ඉදිරියට යන්න පුළුවන්. එකට ජනතාවගේ කැපවීම අත්‍යවශ්‍යයි" ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියහ.

Rate this item
(1 Vote)

Related items