March 29, 2024

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකකම ඉතා අවාසනාවන්ත තනතුරක් - ඒක මම රුවන්ටත් කිව්වා

November 03, 2020

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කම පිළිබඳව තමන්ට වෙනම මතයක් තිබෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකකම ඉතා අවාසනාවන්ත තනතුරක් බව තමාගේ ඇඟටත් දැනෙන බව දිසානායක මහතා පෙන්වා දෙයි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකකම ගත් කිසිවකුටත් හරි ගියේ නැති බවද නවීන් දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකකමට පත් තම පියා මෙන්ම ප්‍රේමදාස මහතාට ද හරි ගියේ නැති බව ද දිසානායක මහතා පෙන්වා දෙයි.

එනිසා තමන් රුවන් විජේවර්ධන මහතාට මෙම තනතුර බාර ගනිද්දී ඒ ගැන දෙවතාවක් සිතන ලෙස ද දැනුම් දුන් බව නවීන් දිසානායක මහතා සඳහන් කරයි.

ඊට රුවන් විජේවර්ධන මහතා ගෙන් හරි පිළිතුරක් නොලැබුණු බව ද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 03 November 2020 15:25