March 29, 2024

“ඔයත් එක්ක ඔට්ටු දානවා කුඩු ෂොට් එකක්“ නිමල් ලංසා - අනුර කුමාර පැටලේ

November 03, 2020

රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අතර උණුසුම් තත්වයක් ඇතිවිය.

එහිදී රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පැවසූවේ පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේදී අනුර කුමාර මන්ත්‍රීවරයා ලංකාවේ නොසිටි බවත් දවස් 15ක් ලංකාවට පැමිණි බවත්ය.

තමාද ඒ අවස්ථාවේ ඇමරිකාවේ සිටියද දවසක් තුල ලංකාවට පැමිණි බවත් ඔහු පැවසීය.

ඊට පිළිතුරු දීමට අනුර කුමාර මන්ත්‍රීවරයා පිළිතුරු දෙමින් පැවසූවේ ඉතාම අසත්‍ය සහ වැරදි තොරතුරු නිමල් ලංසා මන්ත්‍රීවරයා ඉදිරිපත් කරන බවත් ප්‍රහාරය සිදුවූයේ 21 දින බවත් තමා 25 වැනිදා ලංකාවට පැමිණි බවත්ය.

එහිදී නිමල් ලංසා රාජ්‍ය අමාත්‍යවරයා බාධා මතු කළ අතර එහිදී අනුර කුමාර මන්ත්‍රීවරයා පැවසූයේ “ඔයත් එක්ක මොන ඔට්ටුද අනේ ඔයත් එක්ක දානවා කුඩු ෂොට් එකක්. මොන හෙරොයින්ද හොඳ කියලා ඔට්ටු දාන්න හොඳයි. මීගමුවෙන්ද දෙවුන්දරින් ගොඩබාන ඒවාද හොඳ  කියලා ඔට්ටුවක් දාමු. එහෙම ඔට්ටු දාමු.“

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 03 November 2020 12:03

Related items