December 06, 2024

පොලීසියේ අවවාද පසෙකළා විශාල පිරිසක් බස්නාහිරෙන් පිටව යයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසළ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

හෝමාගම පොලීසිය පැවසුවේ අද (29) සවස් කාලයේ සිට දැඩි රථවාහන තදබදයක් එම ප්‍රදේශයේ හටගෙන තිබූ බවයි.

අද මධ්‍යම රාත්‍රියේ බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පනවන බවට රජය දැනුම්දීමත් සමග විවිධ රාජකාරි සඳහා පැමිණ රැදී සිටි විශාල පිරිසක් බස්නාහිර පළාතෙන් පිට පළාත් වලට යාම සඳහා පැමිණීම මෙම රථවාහන තදබදයට හේතුව බව පොලිසිය පවසයි.

බස්නාහිර පළාතෙන් පිටව නොයන ලෙසට රජය දැනුම් දුන්නද මෙලෙස පිටවයාම වරදක් බව පොලීසිය රියදුරන්ට දැඩි ලෙස අවවාද කළ බව ද පොලීසිය කියයි.

මෙම තත්ත්වයත් සමග කොට්ටාව පිවිසුමේ සිට කොළඹ දෙසට කිලෝමීටරක පමණ දුරක තෙක් දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබූ බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

Rate this item
(0 votes)
© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : [email protected] | Phone : +94 112 814 449