March 29, 2024

අහඹු PCR සිදු කිරීම වැදගත් බව ජනපති කියයි

කොවිඩ් පොකුරු ඇතිවිය හැකි තැන් පිළිබදව නිරන්තර අවධානයෙන් පසුවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට පවසයි.

ඔහු පැවසුවේ දඹුල්ල ඇතුළු ආර්ථික මධ්යසස්ථාන ආශ්‍රිතව සහ පිටකොටුව තොග වෙළෙඳසැල් ආශ්‍රිතව අහඹු PCR පරීක්ෂණ සිදුකිරීම වැදගත් බවය. 

"අවස්ථා කිහිපයකදී කොවිඩ් ආසාදිතයන් වැඩිවීමට හේතු වූ කරුණු මනාව අවබෝධ කරගෙන නැවත එලෙස සිදුවීමට ඉඩ නොතැබිය යුතුය. කොළඹ නගර සභා සීමාව තුළ අඛණ්ඩව අහඹු පරීක්ෂණ සිදුකෙරිණ. එහෙත් අනපේක්ෂිත ලෙස පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය සහ මිනුවන්ගොඩ ආශ්‍රිතව කොවිඩ් පොකුරු බිහි විය. භාණ්ඩ බෙදා හැරීමේ ජාලය මගින් වෛරසය ප්‍රාදේශීයව පැතිරයාම වැළැක්වීමට සියලු පාර්ශ්වයන්ගේ සහාය අත්‍යවශ්‍ය වේ. සෞඛ්‍ය නිර්දේශ හැකි උපරිමයෙන් අනුගමනය කිරීම සියලු තරාතිරම්වල පුද්ගලයන් සතු සමාජ වගකීමක්," යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය. 

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ කොවිඩ් මර්දනයේ නිරත සියලු පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු පහසුවෙන් දැනගත හැකි නව “යෙදුමක්” හඳුන්වා දුන් අවස්ථාවේදී ය.

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය මගින් එම යෙදුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හඳුන්වා දුනි.

Rate this item
(0 votes)

Related items