April 20, 2024

අමෙරිකාව එපා කිව්ව අය හොයා ගන්නත් නෑ - කාවින්ද ජයවර්ධන

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ මෙරට සංචාරය සම්බන්ධයෙන් අද දිනයේත් දේශපාලන වේදිකාවේ අදහස් විවිධ අදහස් පළ විය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා,

“අපි කවදාවත් අමෙරිකාවටවත්, ඉන්දියාවටවත් එහෙමත් නැත්නම් චීනයටවත්, ජර්මනියටවත්, එංගලන්තයටවත්, විරුද්ධව කථා කළේ නෑ. අපි අමෙරිකාව එපා කිව්වේ නෑ. හැබැයි දැන් අමෙරිකාව එපා කිව්ව උදය ගම්මන්පිල මහත්තයා, විමල් වීරවංශ මහත්තයා එතැනින් ගියාම සීතා නෝනා හොයා ගන්නවත් නෑ.“

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් දැක්විය.

“ගිය පාර අපි එනවට බය වුණේ, සෝෆා ගිවිසුම අත්සන් කරන්න. එම්.සී.සී ගිවිසුම අත්සන් කරන්න. එවකට පාලනය කරපු ආණ්ඩුව කැමැත්තෙන් හිටියා. එතකොට අමෙරිකාවත් කැමැත්තෙන් හිටියා. අත්දෙකම එකතු වුණොත් තමයි අප්පුඩිය ගැහෙන්නේ. දැන් අමෙරිකාවට ඒ ගිවිසුම් ඉදිරියට ගෙන යෑමේ උවමනාව තිබුණත් අපේ ආණ්ඩුවට ඒ  ගිවිසුම් ඉදිරියට ගෙන යෑමේ කිසිදු උවමනාවක් නෑ.“

අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙසේ අදහස් දැක්විය.

“අපි ඉතාම පැහැදිලිව දන්නවා මයික් පොම්පියෝ නෙමෙයි ඊට වඩා ලොක්කෙක් මේ රටට ආවත්, ඒ ඕන ලොක්කෙකුට මේ රටේ ගෞරවය රැකගෙන මේ රටේ අභිමානය රැකගෙන. සෛවරීත්වය පාවලා දෙන්නේ නැතුව අපේ ස්වාධීනත්වය පාවලා දෙන්නේ නැතුව ඒ ඕනෑම කෙනෙක් එක්ක අවශ්‍ය ගනුදෙනුව කරන්න පුළුවන් නායකත්වයක් මේ රටේ අද අපි බලයට ගෙනල්ලා තියෙනවා. එහෙම නායකත්වයක් ඉන්න වෙලාවක. එන්නේ කවුරු වුණත් එන කෙනාට අවශ්‍ය විදියට වැඩේ වෙයි කියලා හිතන්න, අපිට උවමනාවක් නෑ. හැබැයි දැන් කලබල වුණ මහත්වරු එදා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව වෙලාවේ අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ආවා හීන් කෙඳිරියක්වත් නැගුවේ නෑ. තවත් අවස්ථාවක සමන්තා පවෙල් ආවා. එයා තමයි ශ්‍රි ලංකාවට හතුරු යෝජනා ගෙන එන්න විශාල වැඩ කොටසක් කළේ. හීන් කෙඳිරියක්වත් නැගුවේ නෑ.“

Rate this item
(0 votes)