December 01, 2020

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන්ට කොරෝනා උපදෙස් සඳහා හදිසි ඇමතුම් අංකයක්

මත්ද්‍රව්‍යවට ඇබ්බැහිවූවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමජිකයන්ට කොරෝනා ප්‍රතිකාර සහ පුනරුත්ථාපන සේවයට සම්බන්ධ උපදෙස් ලබාදීමට 1927 හදිසි ඇමතුම් සේවාව පැය 24 පුරාම ක්‍රියත්මක කර ඇතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් එම වයිරසයට ඉක්මණින් ගොදුරුවීමේ අවදානමක් පවතින බව වෛද්‍යවරුන්ගේ අදහස වී තිබේ.

එබැවින් ප්‍රතිකාර හා පුනරුත්ථාපන සේවා ලබාගැනීමේ දී මත්ද්‍රව්‍යවලට ඇබැබැහිවූවන් සහ පවුල්වල සාමාජිකයන් දැඩි අපහසුතාවලට ලක්වන බැවින් මෙවන් සේවාවක් ආරම්භ කළ බව එම මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා පවසයි.

මේ සඳහා උපදේශන නිලධාරීන් 20 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් යොදවා ඇති අතර සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙක් ම සේවය ලබා ගැනීමට හැකියාව පවතී. 

Rate this item
(0 votes)