April 23, 2024

බස්නාහිර පළාතෙන් පිටවෙන අය ගැන පොලීසිය විමසිල්ලෙන්

නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමේ සූදානමක් පවතින බවට වාර්තාවීමත් සමග විනෝද චාරිකා සහ වන්දනා ගමන් සංවිධානය කර තිබූ ඇතැම් පුද්ගලයින් බස්නාහිර පළාතෙන් පිටතට යාමේ සුදානමක් ඇතැයි තොරතුරු වාර්තා වූ බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, බස්නාහිර පළාතේ සීමාවන්ගෙන් පිටතට යෑමට හෝ ඇතුළට ඒමට අවසර හිමිවන්නේ සීමාසහිත පිරිසකට බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා,

“අත්‍යාවශ්‍ය සේවා නොවන කිසිවෙකුට මේ සීමා පන්නලා එන්න අවස්ථාව ලැබෙන්නේ නෑ. අධිවේගී මාර්ගයේ වුණත් ඒ විදියට තමයි කටයුතු කරන්නේ. ඒ වගේම අද දින උදේ ඉදලා බස්නාහිර පළාතෙන් පිටවෙන හා ඇතුළුවන තැන්වල මාර්ගබාධක යොදලා තියෙනවා. අපිට යම් යම් ආරංචිමාර්ග ලැබිලා තියෙනවා රෑ 12ට ඇඳිරිනීතිය දැම්ම නිසා ඊට ඉස්සෙල්ලා වන්දනා ගමන්, ට්‍රිප් යන අය, චාරිකා යන අය ඊට ඉස්සෙල්ලා පිටත්වෙන්න උත්සහ කරනවා කියලා. මේ ඇඳිරිනීතිය දැමීමේ අරමුණ, රෑ 12න් පස්සේ කොවිඩ් ව්‍යාප්ත වෙනවා කියන එක නෙමෙයි. අරමුණ බස්නාහිර පළාතේ විශේෂයෙන් ගම්පහ, කොළඹ හා කළුතර දිස්ත්‍රික්කවල ආසාදිතයින් ඉන්නවා මේක පිටතට යෑම වැළැක්වීම. සමහර අයට හේතුවක් ඇතුව පිටවෙන්න පුළුවන්. එහෙම නැතුව පිටවෙනවා නම් ඒ ගැනත් අපි සොයා බලනවා.“

Rate this item
(0 votes)
Last modified on Thursday, 29 October 2020 13:31